Virgo (Kanya Lagna)

කන්‍යා ලග්න ඔබට අද දවස (Kanya rasi dawase palapala) - Today's Virgo Horoscope

පෙරදී පැවතියා වූ සතුරු පීඩාවන් අද දවසේදී මඟ හැරී යනු ඇත. එසේ වුවද සියල්ල ඔබගේ මතයටම සිදු නොකරන්න. අධ්‍යාපන කටයුතුවල නියැළෙන සිසු සිසුවියන් හට ජයග්‍රාහී ප්‍රතිඵල උදා කර ගත හැකි වේ. දවස සුභ කර ගන්න ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

ජය වර්ණය – කොළ, ජය අංකය -05

කන්‍යා ලග්න ඔබට මේ සතිය (Kanya rasi sathiye palapala) - Virgo Weekly Horoscope

නොවැම්බර් 10 සිට නොවැම්බර් 16 වනදා තෙක් සතියේ පලාපල

අධ්‍යයන කටයුතුවල නිරතවන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හට මෙම සතියේදී සතුටුදායක ප්‍රතිඵල එම අංශයේ කටයුතු තුළින් අපේක්ෂා කළ හැකි වේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් සුළු සුළු ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දීමේ අවදානම තිබෙන අතර පැන නඟිනු ලබන ගැටළු ඔබ නිසියාකාරව වටහා නොගෙන විසඳා ගැනීමට යෑම තුළින් ප්‍රශ්න දුර දිග යනු ඇත. යෙදෙන ගමන්බිමන් තුළින් ඔබ අපේක්ෂා කරනු ලබන ප්‍රතිඵල අත් කර ගැනීමට නොහැකි වන බව පෙන්නුම් කරන නිසා අත්‍යවශ්‍ය ගමන්බිමන්වල පමණක් යෙදීමට මෙම සතියේදී ඔබ වග බලා ගන්න. පපුව ආශ්‍රිත වේදනා, කැක්කුම් ඇතිවිය හැකි බැවින් තම ශරීර සෞඛ්‍ය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමටත්, වෛද්‍ය මාත්‍රාව නිසි අයුරින් පිළිපැදීමටත් මෙම සතියේදී වග බලා ගන්න.

ජය අංකය : 5
ජය වර්ණය : කොළ

කන්‍යා ලග්න ඔබට මේ මාසය (Kanya rasi masaye palapala) - Virgo Monthly Horoscope

මෙම මාසයේදී ඔබගේ ආදායම් මාර්ගවලට අවහිරතා ඇතිවිය හැකි අතර මුදල් හිඟවීම් ආදිය ද සිදුවිය හැක. ඥාති වියෝවක්ද ආරංචි විය හැක. ප්‍රතිවාදීන් සමඟ ගැටුම් නිර්මාණය වෙයි. නෑදෑයින් සමඟ චිරසක බවක් ඇති වේ. ඒ නිසා සමාජ ඇසුරේදී පරිස්සම් වන්න. ප්‍රචාරක ප්‍රකාශන ලේඛන ආදී කටයුතුවල යෙදී සිටින්නන්ට කාර්යබහුල කාලයකි. බාල සහෝදරයන්ගෙන් උදව් ලබාගත හැක. දුර බැහැර රාජකාරි ගමන් යෙදෙයි. එයින් යම් යම් වාසි ඇති විය හැක. විදෙස් මූලාශ්‍රවලින් ආදායම් ලබන අයට මෙම මාසය ඉතා සුබයි. දූ දරු ගැටළු සිතේ විවේකය නැති කරයි. ගැබිනි මාතාවන් පරිස්සම් වන්න. අත්, උරහිස් ආශ්‍රිත වේදනා, කැක්කුම් ඇති විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

2019 වසර සඳහා කන්‍යා ලග්න පලාඵල - Virgo 2019 Horoscope

රහස් සතුරු කරදර

රැකීරක්‍ෂාවල වෙනසක්වීමට බොහෝ දුරට අවස්ථාව උදාවනු ඇත. උසස්වීම් මෙන්ම නව රැකියා අවස්ථා ද ලැබෙන කාලයකි. ගුරු වෘත්තියේ හා උපදේශක සේවාවල යෙදෙන අයට සුබදායක වනු ඇත. නමුත් වසර අග කාලසීමාව තුළ තමා රැකියාව කරන ස්ථානයේ යම් යම් මානසික පීඩා ඇතිවන ආකාරයේ සිද්ධීන් උදාවිය හැක. එම නිසාවෙන් රැකියාවෙන් ඉවත්වීමට හෝ විශ‍්‍රාම ගැනීමටද සිතෙන අවස්ථා උදාවනු ඇත. විශේෂයෙන් සමාජයෙන් ගරු නාම ලැබෙන අතර සමාජයේ පිළිගැනීමක් ඇතිවේ. රැකියාව හේතු කොටගෙන ආදායම් මාර්ග සරුවන හා පඩි වැඩි වන කාලයකි. මෙම වසර තුළ වෙළෙද ව්‍යාපාර වල යෙදෙන මෙම ලග්න හිමියන්ට එමගින් ලාභ හා පාඩු එකසේ ලැබෙන බව පෙන්නුම් කරයි.

අනියම් පෙම් සබදතා ඇතිවීමට ඉඩ ඇත. එමෙන්ම යුගදිවියේ දෙදරායාම් ඇතිවී අඹු සැමියන් වෙන්වීමට ද කරුණු යෙදේ. අලසකම වැඩිවී අනුවණකම් ඉස්මතුවේ. අධ්‍යාපනයට තිබූ උනන්දුව අඩුවීයයි. විභාගවලට සුභ කාලයක් නොවේ. නිෂ්ඵල නඩු හබ වලට පැටලීමට ඉඩකඩ ඇති හෙයින් කල්පනාකාරී වන්න. අත්පා ආබාධ, වාත රෝග, පපුවේ රෝග, උදර රෝග ඇතිවීමට ඉඩ ඇත. කල්පනාකාරී වන්න.

සුබ දිනය – බදාදා

සුභ වර්ණය – කොළ

සුභ අංක – 04 / අය 11 – වැය 11

ගුරු මාරුව කන්‍යා ලග්න (Kanya Lagnaya) හිමි ඔබට බලපාන්නේ මෙසේයි :

කල්පසු කළ ගෙදරදොර අලුත් වැඩියා කටයුතු සිදු කිරීමට අවස්ථා සැලසෙනු ඇත. නිවසේ සාමාජිකයන් අතරේ මත ගැටුම් ඇති විය හැකි අතර ඒවා මඟහැර ගැනීමට බුද්ධිමත්ව කටයුතු කරන්න. මංගල යෝග යෙදිය හැකි කාලයක් වුවත් වංචාකාරී පුද්ගලයන්ට හසු වීමේ අවදානම පවතින වග පෙන්නුම් කරන නිසා පරිස්සම් වන්න.

අතීත පලාඵල

වෙනත් ලග්න

මේෂ-Aries
වෘෂභ-Taurus
මිථුන-Gemini
කටක-Cancer
සිංහ-Leo
කන්‍යා-Virgo
තුලා-Libra
වෘශ්චික-Scorpio
ධනු-Sagittarius
මකර-Capricorn
කුම්භ-Aquarius
මීන-Pisces