Taurus (Wushaba Lagnaya)

වෘෂභ ලග්න ඔබට අද දවස (Wrushabha lagnaya dawase palapala) - Taurus Daily Horoscope

පසුගිය කාලයේ කරගන්නට තිබූ කටයුතු පිළිබඳව තීන්දු තීරණ ගැනීමට අද දවස තුළ ඔබට හැකි වේ. ප්‍රබල මංගල යෝග උදා වීම නිසා විවාහයට තිබූ බාධක මඟ හැරී යන බවක් අද දිනයට පෙන්නුම් කරයි. සතුරන්ගෙන් එල්ල විය හැකි හිරිහැරවලින් ගැලවී සිටීමට හැක. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ලැබෙයි. දවස සුභ කර ගන්න ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

ජය වර්ණය – නිල්, ජය අංකය – 05

වෘෂභ ලග්න ඔබට මේ සතිය (Wrushabha lagnaya sathiye palapala) - Taurus Weekly Horoscope

ජනවාරි 12 සිට ජනවාරි 18 වනදා තෙක් සතියේ පලාපල

ඉගෙනුම් කටයුතුවල නියැලෙන සිසු සිසුවියන් වෙනදාට වඩා වැඩි උනන්දුවෙන් යුතුව අධ්‍යයන කටයුතුවල නියැලීමට මෙම කාලයේදී වග බලා ගත යුතුයි. මුදල් ලැබීම් සඳහා වඩාත් සුභදායක වන මේ සතියේ රැකියා කටයුතු තුළින්ද ප්‍රගතිය ලඟා කරගත හැකි වේ. සිතෙහි වන බලාපොරොත්තු කිහිපයක්ම ඉටු කරගන්නට මෙම සතියේදී ඔබට හැකි වන අතර ජීවිතයේ දියුණුව උදෙසා ඔබට නව මං පෙත් විවර වනු ඇත. සුදුසු වයසේ විවාහ අපේක්ෂාවෙන් සිටින අය හට මෙම සතියේදී යහපත් විවාහ යෝජනාවන් ඉදිරිපත් වීම බලාපොරොත්තු විය හැක. පැවති ලෙඩ රෝගයකින් සම්පූර්ණයෙන් සුවය ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.

ජය අංකය : 6
ජය වර්ණය : වෛවර්ණ

වෘෂභ ලග්න ඔබට මේ මාසය (Wrushabha rasi masaye palapala) - Taurus Monthly Horoscope

තරඟ විභාග ආදියෙන් ජය ලැබීමේ හැකියාව මේ මාසයේ පෙන්නුම් කර තිබෙන නිසා එවැනි කටයුතු සඳහා සහභාගී වන සිසු සිසුවියන් හට ඉන් සතුටුදායක ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි වේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් මෙම මාසයට අපේක්ෂා කළ හැකි වන්නේ සාමාන්‍ය තත්ත්වයකි.

පැවති මිත්‍ර සම්බන්ධතා අලුත් වන සහ නව මිත්‍ර සම්බන්ධතා ගොඩනැඟෙන ලකුණු පෙන්වන වාසනාවන්ත මාසයක් ලෙස මේ මාසය හැඳින්විය හැක. කොන්ද ආශ්‍රිත වේදනා, කැක්කුම් ඇති විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

2020 නව වසර සඳහා ඔබගේ ලග්න පලාපල

අරමුණු ජය ගැනීම උදෙසා ධෛර්යය ලැබෙන ජයග්‍රාහී වසරක් වේවා!

ඔබට පැවති අවහිරතා ගැටළු බොහෝමයක්ම නිරාකරණය කරගෙන දියුණුව කරා යෑමේ මං පෙත් විවර වන වාසනාවන්ත වසරකි. අධ්‍යාපනික වශයෙන් පැමිණෙන අභියෝගයන් සඳහා ඔබ සාර්ථකව මුහුණ දී ඒවා ජයග්‍රහණය කරා රැගෙන යාමට දක්ෂ වන සුභ වසරක් ලෙස මෙම වසර සැලකිය හැක. රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉහළ සතුටුදායක තත්ත්වයක් උදා වනවා වගේම සිතෙහි වන නව රැකියා බලාපොරොත්තුද මෙම වසරේදී ඉටු කරගත හැකි වේ. විදෙස්ගත වීම උදෙසා උත්සාහ කළද මෙතෙක් කටයුතු සාර්ථක නොවූ අයගේ එම බලාපොරොත්තු ඉටු වනු ඇත. අස්ථි සම්බන්ධ වේදනා, කැක්කුම් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 6
ජය වර්ණය : ක්‍රීම් පැහැය

බුධගේ වෘශ්චික රාශි පිවිසීම වෘෂභ ලග්නයට (Wrushabha Lagnaya) බලපාන අයුරු :

අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නන් හට ඉතාමත් යහපත්ය. විදෙස්ගත අයෙකුගේ උදව් උපකාර ඔබට හිමි වනු ඇත. ස්ථාන සහ දේපල සම්බන්ධයෙන් ගැටළු සහගත අවස්ථා උද්ගත වනු ඇත.

අතීත පලාඵල

වෙනත් ලග්න

මේෂ-Aries
වෘෂභ-Taurus
මිථුන-Gemini
කටක-Cancer
සිංහ-Leo
කන්‍යා-Virgo
තුලා-Libra
වෘශ්චික-Scorpio
ධනු-Sagittarius
මකර-Capricorn
කුම්භ-Aquarius
මීන-Pisces