Scorpio (Wushchika Lagnaya)

වෘශ්චික ලග්න ඔබට අද දවස (Wrushchika rasi dawase palapala) - Today's Scorpio Horoscope

පෙම්වතුන් ඔවුන්ගේ අදහස් සහ ක්‍රියා කලාපයන් අද දවසේදී කිසියම් වූ පාලනයකින් යුතුව ක්‍රියාත්මක කළ යුතු වේ. හිතුවක්කාරී ක්‍රියා කලාපයන් නිසා නොසිතු ගැටළු වලට මුහුණ දීමට සිදු වනු ඇත. ගෙදරදොර සමඟියට බාධා යෙදිය හැක. කල්පනාකාරී වන්න. දවස සුභ කර ගන්න නෙළුම් මලක් පූජා කරන්න.

ජය වර්ණය – රතු, ජය අංකය -09

වෘශ්චික ලග්න ඔබට මේ සතිය (Wrushchika rasi sathiye palapala) - Scorpio Weekly Horoscope

නොවැම්බර් 10 සිට නොවැම්බර් 16 වනදා තෙක් සතියේ පලාපල

තරමක අපහසුතා මධ්‍යයේ වුවත් ඔබට අධ්‍යයන අංශයේ කටයුතුවලින් බලාපොරොත්තු වන ජයග්‍රහණ උදා කර ගත හැකි වේ. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ එම බලාපොරොත්තු ඉටුවනවා වගේම සමස්ථයක් ලෙස පොදුවේ රැකියා අංශයේ කටයුතු තුළින් මෙම කාලයේදී සැලකිය යුතු දියුණුවක්, සැලකිය යුතු ප්‍රගතියක් උදා කර ගත හැකි වේ. පැන නඟිනු ලබන ප්‍රශ්න සම්බන්ධයෙන් පමණට වඩා සිතීමට යෑම නිසාත්, සිතෙහි පවත්නා බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වීම නිසාත් මෙම සතියේදී ඔබගේ නින්දට පවා බාධාවීම් ඇති වනු ඇත. සුදුසු වයසේ විවාහ අපේක්ෂාවෙන් සිටින අය හට යහපත් විවාහ යෝජනාවන් මෙම සතියේදී ඉදිරිපත් වනු ඇත. වාත රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 7
ජය වර්ණය : රතු

වෘශ්චික ලග්න ඔබට මේ මාසය (Wrushchika rasi masaye palapala) - Scorpio Monthly Horoscope

නොකළ වරදකට චෝදනා එල්ල වීම් මෙම මාසයේදී බලාපොරොත්තු විය හැක. යමක් වෙනුවෙන් උත්සාහයක යෙදුණත් ඒවා ඉටුකර ගැනීමට කල්යෑම් හා ප්‍රමාදවීම් සිදුවෙයි. තම සහෝදරයන් වෙනුවෙන් වියදම් දැරීමට සිදු වේ. හදිසියේ ලැබෙන යම් යම් මුදල් වාසි හේතුවෙන් කෙසේ හෝ යාන්තමින් වියදම් පියවා ගැනීමට හැකි වෙයි. අඩමාන ව්‍යාපාර, සූදු ඔට්ටු ආදියෙන් යම් වාසියක් ලැබේ. පියාගෙන් උපකාර ලැබේ. රහස් මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට ද යම් වාසියක් ලැබේ. වැඩිමහල් සොහොයුරන් සහ කාන්තා පාර්ෂවයෙන්ද යම් මුදල් වාසි අත්විය හැක. තම දරුවන් වෙනුවෙන් ගැටළු ඇතිවීම මෙන්ම වියදම් දැරීමට ද සිදුවනු ඇත. පාසල් අධ්‍යාපනයට බාධා ඇතත් උසස් අධ්‍යාපනයට යහපත්. වරින්වර හිසෙහි කැක්කුම් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

2019 වසර සඳහා වෘශ්චික ලග්න පලාඵල - Scorpio 2019 Horoscope

විදේශ සංචාර සදහා මගපෑදේ

අතමිට මුදල් ගැවසුන ද වියදම් අධික වේ. මනා කළමනාකාරීත්වයකින් මුදල් පරිහරණය කරන්න. අහිමිවී ගිය රැකියා නැවත ලැබේ. විදේශ සංචාර සදහා මගපෑදේ. උගත් ප‍්‍රභූන්ගේ ආධාර උපකාර ලැබෙන වසරකි. නමුත් ඉවසීමේ ගුණය නැතිකමින් ඥාතීන් සමග ගැටුම් ඇතිකර ගනී. හදිසි අනතුරු වලින් පරිස්සම් විය යුතුය. අධ්‍යාපනයට සුබ වුවද තම ග‍්‍රහචාරය අනුව එය වෙනස් වියහැකිය. වසරේ මුල් මාස 6 ක කාලසීමාව තුළදී අවිවාහක ඔබට මංගල යෝජනා උදාවීමට අවස්ථාව යෙදේ. විවාහක වෘශ්චික ලග්න හිමියන්ගේ පවුල්ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝවිට නිතරම සතුටුදායක සිනාමුසු මුහුණින් සිටීමට අවස්ථාවන් උදාවනු ඇත. ගේ දොර වාසනාව ද ඇතිවන කාලයකි. උසස් අයගෙන් යම් පමණක යහපතක් උදාවන කාලසීමාවකි. ලේ දෝෂ, උණ රෝග, යටි බඬේ රෝග, අක්ෂි රෝග වලින් පීඩා ඇතිවේ.

සුබ දිනය – අගහරුවාදා, බ‍්‍රහස්පතින්දා

සුභ වර්ණය – රන්වන්

සුභ අංක – 08 – 05 / අය 11 – වැය 05

ගුරු මාරුව වෘශ්චික ලග්න (Wrushchika Lagnaya) හිමි ඔබට බලපාන්නේ මෙසේයි :

අතමිට වෙනදාට වඩා සරු වේ. නව අදායම් මාර්ග උදා වේ. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ ධන බලයක් මෙම කාලසීමාවේදී හිමි වේ. කතාවෙහි බලය ඉස්මතු වේ. තම අදහසට අන් අයව අවනත කරගත හැක. අධ්‍යයන කටයුතුවල නිරතවන අය හටද ඉතාමත් වාසනාවන්ත කාලයකි.

අතීත පලාඵල

වෙනත් ලග්න

මේෂ-Aries
වෘෂභ-Taurus
මිථුන-Gemini
කටක-Cancer
සිංහ-Leo
කන්‍යා-Virgo
තුලා-Libra
වෘශ්චික-Scorpio
ධනු-Sagittarius
මකර-Capricorn
කුම්භ-Aquarius
මීන-Pisces