Sagittarius (Danu Lagnaya)

ධනු ලග්න ඔබට අද දවස (Danu rasi dawase palapala) - Today's Sagittarius Horoscope

අද දවසේදී ඔබට දේපල උරුමයන් ලැබෙන වග පෙන්වයි. අන් මතයට ගරු නොකිරීම තම මතයේ සිට කටයුතු කිරීම තුළ ගැටළු මතු විය හැක. ඔබ විසින් ඔබගේ තරහව අද දිනයේදී පාලනය කර ගත යුතුයි. දවස සුභ කර ගන්න ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

ජය වර්ණය – රන්වන්, ජය අංකය -03

ධනු ලග්න ඔබට මේ සතිය (Danu rasi sathiye palapala) - Sagittarius Weekly Horoscope

නොවැම්බර් 10 සිට නොවැම්බර් 16 වනදා තෙක් සතියේ පලාපල

අධ්‍යයන කටයුතුවල නිරතවන සිසු සිසුවියන් හට මෙම සතියේදී සතුටුදායක ප්‍රතිඵල එම අංශයේ කටයුතු තුළින් අපේක්ෂා කළ හැකි වේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් සුළු සුළු ගැටළුකාරී තත්ත්වයන් පැන නැඟුණත් රැකියා අංශයේ කටයුතු සම්බන්ධයෙන් ඔබට කිසියම් වූ ආකාරයේ ප්‍රගතියක්ද උදා කර ගත හැකි වේ. පසුගිය සති වලට සාපේක්ෂව අවහිරතා බාධා යෙදෙන මේ සතියේ කෙසේනමුත් ඔබගේ වැඩ කටයුතු අවහිරතා බාධා මධ්‍යයේ වුවත් සුළු කල් ප්‍රමාදයකට ලක් වෙමින් හෝ ඉටු වන ස්වභාවයක් පෙන්නුම් කරයි. හිසෙහි කැක්කුම් සහ වේදනාවන් ඇති විය හැකි බැවින් ඒවා ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 6
ජය වර්ණය : කහ

ධනු ලග්න ඔබට මේ මාසය (Danu rasi masaye palapala) - Sagittarius Monthly Horoscope

වෘත්තිමය ස්ථානයේ අරගල, ගැටළුකාරී තත්ත්ව ආදී ගැටුම් ස්වරූපයේ පීඩා තත්ත්වයන් මෙම මාසයේදී උද්ගතවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාරවල යෙදී සිටින අය තම තත්ත්වය ඉස්මතු කිරීමට වෙරදරයි. කෙසේ වුවද ආදායම් තත්ත්වයේ අලාභ නැත. උසස් නිලධාරීන් සමඟ පැටලිලි ඇතිකර ගනී. පරිපාලන කටයුතු ආදායම් ලැබීම් තමා අතට ගෙන ක්‍රියාත්මක විය හැක. සමාජ කටයුතුවලදී මූලිකත්වය දරයි. මෙය සෑම කටයුත්තක්ම පාලනය කර ගැනීමට පහසු කරයි. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් ඇති වේ. නිදන්ගත රෝග තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

2019 වසර සඳහා ධනු ලග්න පලාඵල - Sagittarius 2019 Horoscope

නීතිමය ගැටළුවලට මැදිවීමට ඉඩ ඇත

වසරේ මුල් මාස 6 ක කාල සීමාව තුළදී අවිවාහක ඔබට මංගල යෝජනා උදාවීමට අවස්ථාව යෙදේ. විවාහක ධනු ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතාබැලීමේදී යම් යම් ආරවුල් ගැටුම් යනාදිය පෙන්නුම් කලත් ඉවසීමෙන් හා නුවනැතිව වැඩ කිරීමෙන් එම තත්වයන් මඟහරවා ගත හැකි වේ. විවාහක ස්වාමි භාර්යාවන්ට අපල ඇතිවිය හැකිය. පුණ්‍ය කටයුතු සඳහා ඔබ වැඩි නැඹුරුවක් දැක්විය යුතු වසරකි. ගේ දොර වාසනාවට මධ්‍යස්ත කාලසීමාවකි. නමුත් උසස් අයගෙන් යම් පමණක යහපතක් උදාවන කාලසීමාවකි. ධනය ලැබීමේ භාග්‍ය උදාවේ. නමුත් වැයපස අධික වේ. වංචාවලට හසුවීමට ඉඩ ඇති කාලයක් බැවින් මුල්‍ය ගණුදෙනු හා ආයෝජන වැනි දෙයෙහිදී වඩාත් කල්පනාකාරී වන්න. නීතිමය ගැටළුවලට මැදිවීමට ඉඩ ඇත. සතුරන් සමග ගැටුම් ඇතිවීමට ඉඩඇති බැවින් කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතු සදහා විදේශගත වීමට අවස්ථාව උදාවේ. පවුලේ දියුණුවට මාර්තු 13 න් පසු කාලය තුළ කටයුතු සැලසෙනු ඇත. මුඛ රෝග, පාද රෝග, අක්ෂි රෝග, පිත් කෝප ඇති වේ.

සුබ දිනය – බදාදා, සිකුරාදා

සුභ වර්ණය – කහ

සුභ අංක – 05 – 06 – 08 / අය 08 – වැය 14

ගුරු මාරුව ධනු ලග්න (Danu Lagnaya) හිමි ඔබට බලපාන්නේ මෙසේයි :

යහපත් සිතුම් පැතුම් ඉටු කරගන්නට හැකි වේ. කල් ගිය, ප්‍රමාද වුණු විවාහය සම්බන්ධ කරුණු කාරණා ඉටු කර අවසන් කිරීමට හැකි වේ. රැකියා අංශයේ කටයුතු තුළින් දියුණුව ලඟා කර ගත හැකි වේ. සෑම අංශයකින්ම දියුණුව උදා කරගනිමින් ජීවිතයේ කිසියම් වූ නව තත්ත්වයකට ලඟා වන්නට ඔබට හැකි වේ.

අතීත පලාඵල

වෙනත් ලග්න

මේෂ-Aries
වෘෂභ-Taurus
මිථුන-Gemini
කටක-Cancer
සිංහ-Leo
කන්‍යා-Virgo
තුලා-Libra
වෘශ්චික-Scorpio
ධනු-Sagittarius
මකර-Capricorn
කුම්භ-Aquarius
මීන-Pisces