Pisces (Meena Lagnaya)

මීන ලග්න ඔබට අද දවස (Meena rasi dawase palapala) - Today's Pisces Horoscope

ඔබේ හිතමිතුරන් විවිධ හේතුන් මත වෙනස් වීම්, දුරස් වීම් අද දිනයේදී විය හැක. දරුවන්ට අපල උපද්‍රව ඇති විය හැකි නිසා දරුවන් සිටින දෙමව්පියන් අද දවසේදී තම දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. මුදල් ගණුදෙනු සඳහා අයහපත්ය. දවස සුභ කර ගන්න ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

ජය වර්ණය – රන්වන්, ජය අංකය – 03

මීන ලග්න ඔබට මේ සතිය (Meena rasi sathiye palapala) - Pisces Weekly Horoscope

නොවැම්බර් 10 සිට නොවැම්බර් 16 වනදා තෙක් සතියේ පලාපල

අන් අය සමඟින් එකතු වී සාමුහිකව අධ්‍යයන කටයුතු සිදු කිරීමට මේ සතියේදී ඔබට සිදු වීම නිසා වෙනදා නොමැති කාර්යය බහුල බවක් එම කටයුතු තුළින් උද්ගත විය හැකි වේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක් උදා කර ගත හැකි වන අතර මුදල් ලැබීම් සඳහාද සතුටුදායක තත්ත්වයක් ඔබට මේ සතියේදී අපේක්ෂා කළ හැකි වේ. සුදුසු වයසේ විවාහ අපේක්ෂාවෙන් සිටින අයට විවාහ යෝජනාවන් ඉදිරිපත් වුවත් ඒවා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට යාමේදී පැන නඟිනු ලබන ගැටළුකාරී තත්ත්වයන් නිසා ඒවා නැවත නිෂ්ප්‍රභවන තත්ත්වයක් පෙන්නුම් කරයි. පපුව ආශ්‍රිත වේදනා, කැක්කුම් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 3
ජය වර්ණය : කහ

මීන ලග්න ඔබට මේ මාසය (Meena rasi masaye palapala) - Pisces Monthly Horoscope

ආදායම් තත්ත්වයේ දියුණුවක් මෙම මාසයේදී ඔබට බලාපොරොත්තු විය හැක. බාල සහෝදරයන්ගෙන් උදව් ලබයි. කොමිස් මත කරන කටයුතු, බ්‍රෝකර් , ඒජන්සි වැනි ව්‍යාපාර කරන්නන්ට සුබ වෙයි. තම වෘත්තියේ දී පරිපාලන බලය ඉස්මතු වෙයි. කෙටි ගමන් නිසා වැදගත් කාර්යයන් මඟ හැරී යයි. පුණ්‍ය කටයුතු, ආගමික කටයුතු ආදිය වෙනුවෙන් මෙම මාසයේදී වියදම් දැරීමට සිදුවනු ඇත. අසල්වැසියකු සමඟ හබයක් හට ගනී. එය ගැටුමක් දක්වා දිග්ගැසිය හැකි බැවින් සමාජ ඇසුරේදී කල්පනාකාරී වන්න. අධ්‍යාපනයට බාධා නැත. කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන්ට යම් ප්‍රගතියක් පෙන්වයි. තමා බලාපොරොත්තුවෙන් සිටි අපේක්ෂා හදිසියේ ඉෂ්ඨ වෙයි. කොන්දේ අමාරු ඇති විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

2019 වසර සඳහා මීන ලග්න පලාඵල - Pisces 2019 Horoscope

දේපල ලාභ

හදිසි ධනලාභ උරුම වේ. දේපල ලාභ, වෙළෙද ව්‍යාපාර ලාභ ලැබෙන කාලයකි. රැකිරක්ෂා දියුණුව ඇතිවේ. උසස්වීම් ලැබේ. වාසනාවන්ත වසරකි. පැතුම් ඉටුවන, වස්තුව ලැබෙන යාන වාහන ලැබෙන වසරකි. සතුරු කරදර දුරුවේ. නඩුහබ වලින් ජයලැබේ. ශරීර ශක්තිය වැඩිවී නිරෝගි වේ. ප‍්‍රඥාව දියුණුවේ. සමාජ ගරුබුහුමන් ලැබෙන, උසස් ප‍්‍රභූන් ඇසුරට පත්වෙන සුබ කාලයකි. අධ්‍යාපන කටයුතුවලට දුවා දරුවන්ට ඉතා හොද වසරකි. සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. බෝවෙන වසංගත රෝග වලින් ප‍්‍රවේශම්වීම ඉතා වැදගත් වේ. අවුරුද්දේ මුල් මාස 6 ක කාලය තුළ තම මවට හෝ පියාට අපල දායක කාලසීමවක් උදාවෙයි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට යහපත් හා බුද්ධිමත් දරුවන් ලැබෙන අතර ඒ තුළින් පවුලේ පිරිස්බලය වැඩි වේ. අයහපත් මිනිසුන්ගේ ඇසුරට පත්විය හැකිය. වසරේ ජූලි මාසයෙන් පසු කාලවලදී තම නිවසින් පිටස්තරව වාසය කිරීමට සිදුවන අතර නඩු හබ හා නීති කටයුතු වලින් පරාජයට පත්විය හැකිය. දේපල බෙදීම් වැනි කටයුතුවල ගැටලු මතුවනු ඇත. මිතුරු වෙසින් සිටින සතුරන්ගෙන් ප‍්‍රවේශම් විය යුතුය.

සුබ දිනය – අගහරුවාදා, බ‍්‍රහස්පතින්දා

සුභ වර්ණය – කහ. රතු

සුභ අංක – 03 – 09 / අය 08 – වැය 14

ගුරු මාරුව මීන ලග්න (Meena Lagnaya) හිමි ඔබට බලපාන්නේ මෙසේයි :

රැකියා අංශයේ දියුණුව ඔබට උදා වේ. නව රැකියා බලාපොරොත්තු, රැකියා උසස් වීම්, කීර්තිනාම වර්ධනය වීම් ඒ අතර වේ. ඉගෙනීමේ වාසනාව, උනන්දුව ඇති වේ. සිතෙහි වන යහපත් සිතුම් පැතුම් ඉටු වී සෙත සැලසේ. ස්ථානීය දියුණුව, දේපල සම්බන්ධ දියුණුව අත් කරගන්නට මෙම කාලය වඩාත් යහපත්ය.

අතීත පලාඵල

වෙනත් ලග්න

මේෂ-Aries
වෘෂභ-Taurus
මිථුන-Gemini
කටක-Cancer
සිංහ-Leo
කන්‍යා-Virgo
තුලා-Libra
වෘශ්චික-Scorpio
ධනු-Sagittarius
මකර-Capricorn
කුම්භ-Aquarius
මීන-Pisces