Libra (Thula Lagnaya)

තුලා ලග්න ඔබට අද දවස (Thula rasi dawase palapala) - Today's Libra Horoscope

අඹු සැමියන් අතර අද දවසේදී ආවේගශීලි දෙබස් හුවමාරු වනු ඇත. කල්පනාකාරී වන්න. ප්‍රේම සම්බන්ධතාවයන් පවත්වන අයට අද දිනය මධ්‍යස්ථයි. ගර්භණී මවුවරුන්ට දුර්වල සෞඛ්‍ය තත්ත්ව ඇති විය හැක. සැලකිලිමත් වන්න. දවස සුභ කර ගන්න ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

ජය වර්ණය – නිල්, ජය අංකය – 06

තුලා ලග්න ඔබට මේ සතිය (Thula rasi sathiye palapala) - Libra Weekly Horoscope

නොවැම්බර් 10 සිට නොවැම්බර් 16 වනදා තෙක් සතියේ පලාපල

ඔබ සිතන පරිද්දෙන්ම ඔබගේ අධ්‍යයන අංශයේ කටයුතු ඉටු කර අවසන් කිරීමට ඔබට හැකි වන සුභදායක සතියක් වේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක් අපේක්ෂා කළත් සතිය අග භාගය වන විටදී රැකියා කටයුතු සම්බන්ධයෙන් බලාපොරොත්තු රහිත ගැටළුවලට මුහුණ දීමට සිදුවන බව පෙන්නුම් කරයි. නීතිමය ගැටළුවක් සම්බන්ධයෙන් පීඩා වින්දේ නම්, ඔබට ඒ සම්බන්ධයෙන් කිසියම් වූ ආකාරයෙන් සහනදායක ස්වභාවයක් මෙම කාලවකවානුවේදී බලාපොරොත්තු විය හැකි වේ. වැටීම්, තැලීම්, තුවාල වීම් වලට ඔබව ලක්විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 6
ජය වර්ණය : ක්‍රීම් පැහැය

තුලා ලග්න ඔබට මේ මාසය (Thula rasi masaye palapala) - Libra Monthly Horoscope

අපේක්ෂා කෙසේ හෝ ඉටුකර ගැනීමේ අධිෂ්ඨානය මෙම මාසයේදී නැවත ඇති වේ. නමුත් එය සිදුවන්නේ සෙමිනි. අපල ගති ඇති කරයි. ඉහළ නිලධාරීන්ගේ විනෝදයට භාජනය විය හැක. හවුල් ව්‍යාපාරවලට හොඳ කාලයකි. විවාහ කටයුතුවලට හිතකර වාතාවරණයක් උදාවෙයි. රාජ්‍ය උදහසට ලක්විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. වයෝවෘද්ධ, තලතුනා මිතුරන්ගෙන් උදව් ලැබෙනු ඇත. වතුපිටි මිලදී ගැනීමට උනන්දු වෙන්නේ නම් හොඳ කාලයකි. උසස් අධ්‍යාපනයේ නිරත අයට හිතකර වාතාවරණයක් ගොඩනැ‍ඟේ. රාජ්‍ය සේවයෙන් ලැබිය යුතු හිඟ මුදල් ලැබේ. පාද, අත්, උරහිස් ආබාධ, ස්නායු රෝග ආදිය ඇති විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

2019 වසර සඳහා තුලා ලග්න පලාඵල - Libra 2109 Horoscope

රැකියාවේ උසස් වීම්

තුලා ලග්න හිමි ඔබට මෙම වසර ලොතරැයි වාසනා වැනි හදිසි ධනලාභ ලැබීමට සුලු සුලු අවස්ථාවන් උදාවේ. පුණ්‍ය කටයුතු වලට ධනය වියදම් කිරීමට අවස්ථාව උදාවනු ඇත. මෙම කාලයේ ඔබ කතාව නිසා විටෙක අපහසුතාවට ලක්වනු ඇත. වචනයේ බලය පෙන්වීමට හොද කාලයක් නොවනු ඇත. ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට බලාපොරොත්තුවන අයට මුල් මාස වලදී ඉතා අයහපත් ප‍්‍රතිඵල ලැබෙන කාලසීමාවක් වනු ඇත.වසරේ මුල් මාස 6 ක කාලය ධනලාභ ලැබෙන කාලයකි. නමුත් විටින්විට අධික වියදම් හා ප‍්‍රබල ධනහානිද මෙම වසර පුරාවටම ඔබට යම් යම් අවස්ථාවල ඇතිවිය හැකිය. ඒ පිළිබදව නිතරම අවධානය යොමු කිරීම හා බුද්ධිමත්ව කටයුතුකිරීම නුවණට හුරුය.ආර්ථිකය සමබරව පවත්වා ගැනීමට උත්සාහකළද වියදම් අධික වේ. රැකියා උසස්වීම් ලැබේ.බොරු චෝදනා අපවාද ඇසීමට සිදුවේ. අවුල් වියවුල් ඇතිවේ. සතුරු කරදර ඇතිවීමට ඉඩඇත. එමනිසා සිත් තැවුල් ඇතිවේ. මනස නිරවුල් නොවීමෙන් ධාරණ ශක්තිය අඩුවී හොදින් කරගෙන ආ ඉගෙනුම් කටයුතු වෙනස්වීමට ඉඩකඩ ඇතිවේ. අක්ෂි රෝග, අත්පා වල රෝග ඇතිවේ.

සුබ දිනය – අගහරුවාදා, සිකුරාදා

සුභ වර්ණය – සුදු, අයිවරි

සුභ අංක – 6 / අය 05 – වැය 14

ගුරු මාරුව තුලා ලග්න (Thula Lagnaya) හිමි ඔබට බලපාන්නේ මෙසේයි :

වෙනදාට වඩා උද්යෝගීමත්ව ඔබ ඔබගේ කටයුතු සිදු කරනු ඇත. සහෝදරයන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වීමට ඔබට සිදු වේ. ඒ සඳහා ඔබගේ මුදලුත්, කාලයත් යන දෙකම වැය වේ. ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වන අය හට මෙම කාලය යහපත් වේ. සිතට ගතට නව උද්දාමයක් ඇති වේ.

අතීත පලාඵල

වෙනත් ලග්න

මේෂ-Aries
වෘෂභ-Taurus
මිථුන-Gemini
කටක-Cancer
සිංහ-Leo
කන්‍යා-Virgo
තුලා-Libra
වෘශ්චික-Scorpio
ධනු-Sagittarius
මකර-Capricorn
කුම්භ-Aquarius
මීන-Pisces