Leo (Sinha Lagnaya)

සිංහ ලග්න ඔබට අද දවස (Sinha rasi dawase palapala) - Today's Leo Horoscope

භුමි සම්පත් ලැබේ. අඹු සැමියන් අද දවසේදී හැකිතාක් පරිත්‍යාගශීලීව කටයුතු සිදු කළ යුතුයි. සුදුසු වයසේ විවාහ අපේක්ෂාවෙන් සිටින අය හට අද දවසේදී නව විවාහ බලාපොරොත්තු ඇති වනු ඇත. දවස සුභ කර ගන්න නෙළුම් මලක් පූජා කරන්න.

ජය වර්ණය – රතු, ජය අංක – 01

සිංහ ලග්න ඔබට මේ සතිය (Sinha rasi sathiye palapala) - Leo Weekly Horoscope

නොවැම්බර් 10 සිට නොවැම්බර් 16 වනදා තෙක් සතියේ පලාපල

මෙම සතියේදී ඔබගේ උත්සාහය, උනන්දුව හීන වන ලකුණු පවතින බව පෙන්නුම් කරන නිසා එවැනි තත්ත්වයන්ට ඉඩ නොදී දැඩි කැපවීමකින් යුතුව ඔබේ ඉගෙනුම් කටයුතු සිදු කරන්න. ඔබ විසින් ප්‍රකාශ කරනු ලබන කරුණු අන් අය හරි ආකාරයෙන් අවබෝධ කර නොගැනීම නිසා ඔබ රැකියා ස්ථානය තුළදී යම් යම් අපහසුතාවන්ට ලක් වනු ඇත. ඔබට කිසිසේත්ම අදාල නොවන ගැටළු සහගත අවස්ථාවන් ගැන පමණට වඩා සිතීමට යෑම තුළින් මෙම කාලවකවානුව තුළදී ඔබ මානසික ආතතීන්වලට, පීඩනවලට ලක් වීමේ අවදානම පවතී. උදරගත රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 1
ජය වර්ණය : රතු

සිංහ ලග්න ඔබට මේ මාසය (Sinha rasi masaye palapala) - Leo Monthly Horoscope

වෘත්තිමය කටයුතුවලින් තරමක් දුරස්වන්නට මෙම මාසයේදී ඔබට සිදු වනු ඇත. පූජක, නීතීඥ, දේශපාලනඥ ඇසුර වැඩිවෙයි. හදිසියේ රැකියා ස්වභාවය වෙනස් විය හැක. පොත් ප්‍රකාශකයන්ට හා ජනමාධ්‍යවේදීන්ට කාර්ය බහුල කාලයකි. අඩමාන ව්‍යාපාර, සූදු ඔට්ටු ආදියේ යෙදෙන්නන්ට අවාසි පරාජය අත්විය හැකි බැවින් විශේෂයෙන් සූදු ඔට්ටු ආදියෙන් වැළකෙන්න. තමන් සතු භාණ්ඩයක්ද නැතිවෙයි. වංචාවකට ද හසුවිය හැක. අසල්වාසීන් සමඟ ගැටුම් නිර්මාණය වෙයි. බහුවිධ ආදායම් මාර්ගයකට යොමු වෙයි. ප්‍රේමවන්තයන්ට දැඩි බාධා එල්ලවෙයි. සුළු රෝග තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

2019 වසර සඳහා සිංහ ලග්න පලාඵල - Leo 2019 Horoscope

දරු සම්පත්

අධික වියදම් යෙදේ. මිල මුදල් අගහිගකම් ඇතිවේ. මුදල් පරිහරණයේදී ඉතා බුද්ධිමත්විය යුතුය. ආර්ථිකය සමබරව පවත්වාගෙනයාමට වගබලා ගන්න. නව රැකියා අවස්ථා උදාවේ. විදෙස් රැකියා සිහින සඵල වේ. තමන්ට යෝග්‍ය නොවන කටයුතුවල නියැළීමට යාමෙන් නින්දා අපහාස විදීමට සිදුවීමට ඉඩඇති බැවින් කල්පනාකාරීවන්න.ධෛර්යවත්ව කටයුතු කිරීමෙන් විභාග ජය ලැබේ. ශාරීරික දුබලකම් ඇතිකරයි. හිසරුදාව. යටිබඩ ආබාධ, උදාරාබාධ, අත්පා වල පීඩා ඇති කරයි.

2019 වර්ෂයේ මැද භාගයේදී පවුලේ වැඩිහිටියෙකුට ප‍්‍රබල අපල තත්වයක් පෙන්නුම්කරයි. රන්, රිදී, මුතු, මැණික් වැනි අලුත් ආභරණ ලැබීමේ අවස්ථාව උදා වේ. වෙහෙස මහන්සිය ඇති ගමන් බිමන් යෑමට සිදු වේ. අවුරුද්දේ මුල් මාස 6 ක කාලය තුළ තම මවට හෝ පියාට අපලදායක කාලසීමාවක් උදා වෙයි. වසරේ මුල් කාලය තුළ ඔබගේ ත්‍යාගශීලීභාවය වැඩිවීම නිසා පාඩු සිදුවිය හැකිය.

සුබ දිනය – ඉරිදා
සුභ වර්ණය – රතු
සුභ අංක – 1 / අය 08 – වැය 05

ගුරු මාරුව සිංහ ලග්න (Sinha Lagnaya) හිමි ඔබට බලපාන්නේ මෙසේයි :

ඉගෙනුම් කටයුතු ආදියෙන් ඔබට ජයග්‍රහණ මෙම කාලයේදී උදා කරගත හැකි වේ. රැකියා ස්ථානය තුළ ඔබ වෙහෙස මහන්සි වී කටයුතු කළද බලාපොරොත්තු වන ප්‍රතිඵල උදා කරගන්නට අපොහොසත් වනු ඇත. ආගම දහම කෙරෙහි සිත යොමු කර අසුබ තත්ත්වයන් මඟ හරවා ගැනීමට කටයුතු කරන්න.

අතීත පලාඵල

වෙනත් ලග්න

මේෂ-Aries
වෘෂභ-Taurus
මිථුන-Gemini
කටක-Cancer
සිංහ-Leo
කන්‍යා-Virgo
තුලා-Libra
වෘශ්චික-Scorpio
ධනු-Sagittarius
මකර-Capricorn
කුම්භ-Aquarius
මීන-Pisces