Gemini (Mithuna Lagnaya)

මිථුන ලග්න ඔබට අද දවස (Mithuna rasi dawase palapala) - Today's Gemini Horoscope

අද දවසේදී විරුද්ධ ලිංගිකයන් සමඟින් පවත්වන්නා වූ සම්බන්ධතාවයන් වර්ධනය වනු ඇත. නව මිත්‍ර සම්බන්ධතා ඇති වේ. ස්ථානීය සහ දේපල කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු දියුණුවක් අත් කර ගත ගැකි වේ. දවස සුභ කර ගන්න ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

ජය වර්ණය – කොළ, ජය අංකය – 05

මිථුන ලග්න ඔබට මේ සතිය (Mithuna rasi sathiye palapala) - Gemini Weekly Horoscope

නොවැම්බර් 10 සිට නොවැම්බර් 16 වනදා තෙක් සතියේ පලාපල

අධ්‍යයන අංශයේ කටයුතු තුළින් මෙම කාලවකවානුව තුළදී ඔබට ඔබ අපේක්ෂා කරනු ලබන ජයග්‍රහණ උදා කර ගැනීමට හැකි වනු ඇත. මුදල් ලැබීම් සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක් උදා කර ගත හැකි මේ සතියේ රැකියා අංශයේ කටයුතු තුළින්ද ඔබට කිසියම් වූ දියුණුවක් ලබා ගත හැකි වේ. සතිය අගභාගයේදී මුදල් වියදම් වීම් අධික වන බව පෙන්නුම් කරන අතර බලාපොරොත්තු රහිත ධන හානියක් වගේම ඔබගේ වටිනා කියන භාණ්ඩ නැති වීමේ අවදානම පවතී. සුදුසු වයසේ විවාහ අපේක්ෂාවෙන් සිටින අය හට යහපත් විවාහ යෝජනාවන් ඉදිරිපත් වනු ඇත. වාත රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 5
ජය වර්ණය : කහ

මිථුන ලග්න ඔබට මේ මාසය (Mithuna rasi masaye palapala) - Gemini Monthly Horoscope

දැඩි බාධා, විවේචන, අවලාද මෙන්ම අමාරුවේ වැටෙන ආකාරයේ වගකීම් ද දරන්නට මෙම මාසයේදී ඔබට සිදුවිය හැක. හිසේ අමාරු, ස්නායු ආබාධ, මුත්‍රාශ රෝග ආදිය ඉස්මතුව තම රාජකාරියට බාධා ගෙන දේ. නමුත් වෘත්තිමය, පරිපාලන බලය තහවුරු වෙයි. වෘත්තිමය වෙනසකටද මඟ පෑදෙනු ඇත. යම් යම් පුද්ගලයන්ට ඇති ණය මුදල්, කොටස් වශයෙන් ගෙවීමට සිදුවනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. විදෙස් ගමන් අපේක්ෂාවෙන් සිටින අයට බාධා ඇති වෙයි. අධ්‍යාපන කටයුතු මන්දගාමී ස්වභාවයකින් කරයි. පර්යේෂණ කටයුතු ගුප්ත විද්‍යා කටයුතු ආදියේ නිරතවීමටද සිදුවිය හැක.

2019 වසර සඳහා ඔබගේ ලග්න පලාඵල

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා 06 වැන්නේද, රවි ග්‍රහයා 06 වැන්නේද, හැසිරෙමින් මේ මස ඔබට සමමිශ්‍ර ඵල ලබාදෙයි. ආවේගශීලී ගති පෙන්වයි. වැඩ අවුල්කර ගනී. පීඩාවන් ලබයි. ගෙදර දොරේදී ආරවුල් හදාගෙන ප්‍රශ්න ඇතිකර ගනී. අධ්‍යාපන කටයුතුවලදීත්, රැකියාමය කටයුතුවලදීත් නොරුස්නාගති මතු කරයි. අලසකම් ඇතිවෙයි. සුන්දර විසිතුරු දේ කෙරෙහි සිත යොමු කරයි. මුදලුත් නාස්ති කරගනී. ආවේගශීලී වීම නුවණට හුරු නොවේ. ආර්ථිකමය වශයෙන් අපහසුතාවලට පත්වෙයි. දුරදිග නොබලා හදිසි තීරණ ගැනීමෙන් වැලකී සිටිය යුතුයි. ප්‍රමාද දෝෂයන් නිසා පාඩු අලාභ ඇතිකර ගනී. දේශපාලන හෝ පොදු වැඩවලදී කටයුතු කරන්නේ නම් අනතුරුවලට ලක්වීමට ඉඩ ඇත. ආගමික වශයෙන් කටයුතුවලට මුල් තැනක් දී වැඩ කරයි. සෙම්ප්‍රතිෂ්‍යා වැනි රෝග පීඩාදියෙන් පෙළීමට සිදුවේ.

ගුරු මාරුව මිථුන ලග්න (Mithuna Lagnaya) හිමි ඔබට බලපාන්නේ මෙසේයි :

හවුල් ව්‍යාපාර කටයුතු ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදා වේ. මංගල යෝග යෙදෙන කාලසීමාවකි. ප්‍රමාද වෙමින් පැවති විවාහය සම්බන්ධ කාරණා ඉටු වීම ඉක්මන් වනු ඇත. ඉගෙනීම කෙරෙහි වැඩියෙන් සිත යොමු කරන අතර එවැනි කටයුතු සාර්ථක වේ. රැකියා දියුණුව උදා කර ගැනීමට හැකි වන අතර පැවති ගැටළු බොහෝමයක් විසඳි යමින් සහනදායි කාලයක් උදා වේ.

අතීත පලාඵල

වෙනත් ලග්න

මේෂ-Aries
වෘෂභ-Taurus
මිථුන-Gemini
කටක-Cancer
සිංහ-Leo
කන්‍යා-Virgo
තුලා-Libra
වෘශ්චික-Scorpio
ධනු-Sagittarius
මකර-Capricorn
කුම්භ-Aquarius
මීන-Pisces