Capricorn (Makara Lagnaya)

මකර ලග්න ඔබට අද දවස (Makara lagnaya dawase palapala) - Capricorn Daily Horoscope

දියුණුවේ මාවත් විවර වන වාසනාවන්ත දිනයකි. පවුලේ අයගේ ජයග්‍රහණයන් නිසා සිතෙහි සතුටු ස්වභාවය වර්ධනය වනු ඇත. ආදරණියන්ගේ ආදරය ඔබට වැඩියෙන් දැනෙනු ඇත. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කැපී පෙනෙන ආකාරයෙන් ක්‍රියා කරයි. පොදුජන සේවය වෙනුවෙන් මහන්සි වී කටයුතු කෙරෙන දිනයක් වීමේ ඉඩකඩ පවතී. දවස සුභ කර ගන්න විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

ජය වර්ණය – නිල්, ජය අංකය -08

මකර ලග්න ඔබට මේ සතිය (Makara lagnaya sathiye palapala) - Capricorn Weekly Horoscope

ජනවාරි 12 සිට ජනවාරි 18 වනදා තෙක් සතියේ පලාපල

මෙම සතියේදී ඔබ තැනට සුදුසු ආකාරයෙන් හැසිරෙමින්, තැනට සුදුසු නුවණ භාවිතා කරමින් තම අධ්‍යයන කටයුතුවල නියැලීමට වග බලා ගන්න. රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක අන්දමේ වර්ධනයක් පෙන්නුම් කරනු ලබයි. ස්ථාන, දේපල සම්බන්ධයෙන් දියුණුවක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන අයගේ එම බලාපොරොත්තු මෙම සතියේදී ඉටු කරගන්නට හැකි වනු ඇත. යුග ජීවිත ගත කරන අය අතරේ ගැටළු පැන නැඟීම නිසා අසමඟිකම් ඇති වන ස්වභාවය පෙන්නුම් කරන නිසා ගැටළු ඇති වීමේ ඉඩ ප්‍රස්ථා අවම කරගනිමින් කටයුතු කරන්න උත්සාහ ගන්න. පාද ආශ්‍රිත වේදනා, කැක්කුම් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 8
ජය වර්ණය : නිල්

මකර ලග්න ඔබට මේ මාසය (Makara rasi masaye palapala) - Capricorn Monthly Horoscope

අධ්‍යාපනික වශයෙන් ප්‍රගතිය අත් කර ගැනීම උදෙසා හොඳ වටපිටාවක් සකසා ගැනීමට කටයුතු ආරම්භ කිරීමට මෙය වඩාත් සුදුසු මාසයකි. රැකියා කටයුතු සම්බන්ධයෙන් මෙම මාසයට අපේක්ෂා කළ හැකි වන්නේ සාමාන්‍ය තත්ත්වයකි.

බලාපොරොත්තු රහිත අවස්ථාවන්හිදී ඇති වනු ලබන ගැටළුකාරී තත්ත්වයන් නිසා මාසය පුරාවටම මානසික ආතතීන්වලට මානසික අසහනයන්ට මුහුණ දීමට ඔබට සිදුවන ලකුණු පෙන්නුම් කරයි. හිසෙහි කැක්කුම් ඇති විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

2020 නව වසර සඳහා ඔබගේ ලග්න පලාපල

අරමුණු ජය ගැනීම උදෙසා ධෛර්යය ලැබෙන ජයග්‍රාහී වසරක් වේවා!

මෙම වසර ඔබට අභියෝග කිහිපයකටම මුහුණ දෙමින් කටයුතු කිරීමට සිදුවන නිසා පෙර සිටම ඊට සූදානමක් ඇතුව මුහුණ දීමටත්, ඒ වගේම වැඩ කටයුතු හොඳින් සැලසුම් කර සිදු කිරීමටත් ඔබ වග බලා ගන්න. අධ්‍යාපනික වශයෙන් ඔබ කරන කියන කටයුතු බලාපොරොත්තු වන පරිද්දෙන් ඉටු කරගැනීමට මේ වසරේදී මකර ලග්න හිමි ඔබ සමත් වනු ඇත. රැකියා සම්බන්ධයෙන් මෙම වසරේදී සතුටුදායක අන්දමේ වර්ධනයක් උදා කර ගත හැක. දියුණුවට විශේෂ අවස්ථා උදා වන මේ වසරේ ගැටළුවක් නිසා මානසික ආතතිමය තත්ත්වයන්ට පවා ගොඳුරුවන්නට සිදුවන වග පෙන්නුම් කරන නිසා ඔබ ශක්තිමත් මානසික වටපිටාවක් ගොඩනඟා ගන්න. වැටීම්, තැලීම්, තුවාල වීම්වලට ඔබව ලක් විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 9
ජය වර්ණය : නිල්

බුධගේ වෘශ්චික රාශි පිවිසීම මකර ලග්නයට (Makara Lagnaya) බලපාන අයුරු :

මෙය එතරම් යහපත් කාලයක් නොවේ. බොහෝ කලහකාරී අවස්ථාවන්ට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත. තැන්පතු ධනය ඉතා පරිස්සමෙන් යුතුව භාවිතා කරන්න. කරන කියන සෑම කටයුත්තකදීම තම ආරක්ෂාව පිළිබඳ වැඩියෙන් සැලකිලිමත් විය යුතුයි.

අතීත පලාඵල

වෙනත් ලග්න

මේෂ-Aries
වෘෂභ-Taurus
මිථුන-Gemini
කටක-Cancer
සිංහ-Leo
කන්‍යා-Virgo
තුලා-Libra
වෘශ්චික-Scorpio
ධනු-Sagittarius
මකර-Capricorn
කුම්භ-Aquarius
මීන-Pisces