Cancer (Kataka Lagnaya)

කටක ලග්න ඔබට අද දවස (Kataka rasi dawase palapala) - Today's Cancer Horoscope

අධ්‍යයන කටයුතුවල නියැලෙන සිසු සිසුවියන් හට අද දිනයේදී බාධා සිදු විය හැක. සහෝදර සහෝදරියන් සඳහා ගැටළු වලට මුහුණ පාන්නට සිදු වේ. දුරබැහැර ගමන්බිමන් වලදී අනතුරු සිදු විය හැකි බැවින් කල්පනාකාරී වන්න. දවස සුභ කර ගන්න විළඳ පූජා කරන්න.

ජය වර්ණය – ක්‍රීම් පාට, ජය අංකය – 02

කටක ලග්න ඔබට මේ සතිය (Kataka rasi sathiye palapala) - Cancer Weekly Horoscope

නොවැම්බර් 10 සිට නොවැම්බර් 16 වනදා තෙක් සතියේ පලාපල

සහජ දක්ෂතා හැකියාවන් ඔප්නැංවෙන මෙම කාලය තුළ ඒ නිසාම ඔබට අධ්‍යයන අංශයේ කටයුතු තුළින් සාර්ථක ප්‍රතිඵල නිරායාසයෙන්ම උදා කර ගත හැකි වේ. රැකියා අංශයේ කටයුතු තුළින් සැලකිය යුතු දියුණුවක් උදා කර ගත හැකි මේ සතියේ තරඟකාරී සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබ සහභාගී වන්නේ නම් ඒවායින් ජයග්‍රහණ උදා කර ගත හැකි වේ. බලාපොරොත්තු නොවන ආකාරයේ ගැටළුකාරී තත්ත්වයන්ට ඔබව ලක් වීමේ අවදානම පවතින බව පෙන්නුම් කරන නිසා ඔබේ දෛනික කටයුතු කිසියම් වූ ප්‍රමාද වීමකට ලක් වනු ඇත. ආදරය, ප්‍රේමය වැනි හැඟීම් සිතට වැඩිපුර දැනෙන සතියක් වන නිසා සුදුසු වයසේ සිටින අය හට ආදර සම්බන්ධතා ඇති වීමේ ප්‍රවණතාව පවතී. යටි බඩ ආශ්‍රිත වේදනා, කැක්කුම් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 9
ජය වර්ණය : සුදු

කටක ලග්න ඔබට මේ මාසය (Kataka rasi masaye palapala) - Cancer Monthly Horoscope

මෙම මාසය බහුවිධ ආදායම් සකසා ගැනීමට වඩාත් සුදුසු වේ. ප්‍රවාහන, ඒජන්සි, කොමිස් මත කෙරෙන ව්‍යාපාර කටයුතු කොන්ත්‍රාත්, බ්‍රෝකර් වැඩ ආදියට ඉතා සුබයි‍. කෙටි ගමන්වලින් වාසි සැලසේ. නිවාස මාරු සිදුවීමට කටයුතු සැලසෙනු ඇත. ඉඩකඩම්, දේපළ විකිණීමේ ගනුදෙනු වල වාසි සැලසේ. කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන්ටද මෙම මාසය වාසි සහගතය. හවුල් ව්‍යාපාරවල ගැටුම් නිර්මාණය විය හැකි බැවින් කල්පනාකාරී වන්න. විවාහ ජීවිතයේ දී පවුලේ යම් යම් ආරවුල් ඇතිවිය හැක. ගිවිසුම් අත්සන් කිරීම් ආදියෙන් වාසි සැලසෙනු ඇත. සමාජ කටයුතුවලදී දැඩි අමිහිරි වාතාවරණයකට මුහුණ දීමට සිදුවිය හැක. කර්කශ මිනිසුන් සමඟ ඇසුර ගැටුමක් ඇතිකරවිය හැක. ඉවසිලිමත් වන්න. පාසල් අධ්‍යාපනයේ නිරත අයටද එතරම් හොඳ නැත. උදරගත රෝග තත්ත්වයන් ඇති විය හැක කල්පනාකාරී වන්න.

2019 වසර සඳහා කටක ලග්න පලාඵල - Cancer 2019 Horoscope

අධ්‍යාපනයට සුබයි

ආදායම් ඉහළයයි. ණය ගනුදෙනුවලින් නිදහස් වීමට භාග්‍ය උදාවේ. රැකිරක්ෂා කටයුතුවලට සුබ වේ. විදෙස් රැකියා උදාවේ. ප‍්‍රසිද්ධියට පත්වේ. අලූතින් වාහන මිලදී ගැනීමට, ගෘහ උපකරණ ගැනීමට භාග්‍ය උදාවේ. යහපත් කාලයකි. සතුරු කරදර දුරුවේ. නැවතී තිබූ වැඩකටයුතු ඇරඹීමට සුදුසු කාලයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබ වේ. උනන්දුව ඇතිවේ. වාත රෝග, සෙම් රෝග, අක්ෂි රෝග, උදරාබාධ ඇතිවීමට ඉඩඇත. පරිස්සම් වන්න.

වසර ආරම්භයේදීම පදිංචිය පිළිබඳ ගැටලු පැන නැගීමට හැකියාව පවතී. විවිධාකාරයේ ගිවිසුම් වලට එළඹීමේ අවස්ථාවද මෙම කාලසීමාව තුළ උදාවනු ඇත. හදිසි ගමන්බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩඇත. විදේශ ගමන් සඳහා ඔබට නව වසර තුළ යහපත් අවස්ථා උදා වේ. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප‍්‍රවණතාවයක් ඇත. මුල් මාස 3 ක කාලය රෙදිපිළි හා වස්තු ලාභ ලැබෙන කාලයකි.

සුබ දිනය – අගහරුවාදා, සිකුරාදා

සුභ වර්ණය – කහ

සුභ අංක – 2

අය 05 – වැය 08

ගුරු මාරුව කටක ලග්න (Kataka Lagnaya) හිමි ඔබට බලපාන්නේ මෙසේයි :

ඔබට රහස් සතුරු කරදර ඇති විය හැක. විදෙස්ගත වීමේ අවස්ථා උදා වේ. අධ්‍යාපන කටයුතු තුළින් සාර්ථකත්වය ලඟා කරගත හැක. මෙම කාලසීමාව තුළ ඔබට කරදර, බාධක, ගැටළු සහගත අවස්ථා උදා වුවද ඒවා විසඳි ඉක්මණින්ම යථා තත්ත්වයට පත් වීමට හැකි වනු ඇත.

අතීත පලාඵල

වෙනත් ලග්න

මේෂ-Aries
වෘෂභ-Taurus
මිථුන-Gemini
කටක-Cancer
සිංහ-Leo
කන්‍යා-Virgo
තුලා-Libra
වෘශ්චික-Scorpio
ධනු-Sagittarius
මකර-Capricorn
කුම්භ-Aquarius
මීන-Pisces