Aries (Mesha Lagnaya)

මේෂ ලග්න ඔබට අද දවස (Mesha rasi dawase palapala) - Today's Aries Horoscope

ඉඩකඩම් දේපල සම්බන්ධයෙන් වාසිදායක තත්ත්වයන් අද දවසේදී උදා කර ගත හැක. තරඟ විභාග කටයුතු සඳහා සූදානම් වන සිසු සිසුවියන්ට අද දිනයේදී පාඩම් වැඩ කටයුතු සඳහා අවශ්‍ය ධාරණ ශක්තිය වර්ධනය වනු ඇත. දවස සුභ කර ගන්න නෙළුම් මලක් පූජා කරන්න.

ජය වර්ණය – රතු, ජය අංකය – 09

මේෂ ලග්න ඔබට මේ සතිය (Mesha rasi sathiye palapala) - Aries Weekly Horoscope

නොවැම්බර් 10 සිට නොවැම්බර් 16 වනදා තෙක් සතියේ පලාපල

අනවශ්‍ය ආකාරයෙන් විනෝද වීමේ අදහස් ඔබේ සිතෙහි පහළ වීම නිසා ඇතැම් අධ්‍යයන කටයුතු ඔබගෙන් මඟ හැරී යා හැකි බැවින් එවැනි අදහස් ඔබ හැකිතාක් යටපත් කරගන්න. රැකියා කටයුතු සම්බන්ධයෙන් කිසියම්වූ ආකාරයක සුභ තත්ත්වයක් උදා කරගත හැකි අතර මුදල් ලැබීම් සම්බන්ධයෙන් මෙම සතිය පුරාවට අත් විඳිය හැකි වන්නේ සාමාන්‍ය තත්ත්වයකි. පැන නඟිනු ලබන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබ නිවැරදි අවබෝධයකින් යුතුව කටයුතු සිදු නොකිරීම නිසා එකී ප්‍රශ්න අනවශ්‍ය ආකාරයෙන් දුර දිග යාමේ ස්වභාවයක් පෙන්නුම් කරයි. විවාහය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ නම් බොහෝ සේ කල්පනාකාරී වීම වැදගත් වේ. මුත්‍රා රෝග තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 4
ජය වර්ණය : රතු

මේෂ ලග්න ඔබට මේ මාසය (Mesha rasi masaye palapala) - Aries Monthly Horoscope

විදෙස් සබඳතාවලට හා උසස් අධ්‍යාපනයට හොඳ මාසයකි. විශේෂයෙන් වෘත්තිමය අධ්‍යාපනයට මෙම කාලය යහපත්ය. ඥාති වියෝවක් පිළිබඳ ආරංචියක් ලැබේ. වෘත්තිමය වශයෙන් හොඳ මාසයකි. මුදල් අමාරුකම්වලට මුහුණදීමට සිදුවිය හැක. හදිසි ධනවාසි හේතුවෙන් අගහිඟ මඟහැර ගැනීමට හැකි වනු ඇත. ඉඩම්, පතල්, කෘෂිකටයුතු ආදියේ නිරත අයට යහපත්ය. ආදායම් කටයුතුවලදී ඉතා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙලඹේ. විවාහය දෙදරායාමකට ද ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. මුඛ රෝග, හදවත් රෝග, කොන්දේ අමාරු ආදිය ඇති අය පරිස්සම් විය යුතු කාලයකි.

2019 වසර සඳහා ඔබගේ ලග්න පලාඵල

අධ්‍යාපනය : අධ්‍යයන කටයුතු වල නියැලෙන සිසු සිසුවියන් දැඩි උනන්දුවක්, උත්සාහයක් ඇතිව ඉගෙනුම් කටයුතුවල නියැලීම සිදු කළ යුතු වසරකි.
රැකියා – ව්‍යාපාර : රැකියා කටයුතු සම්බන්ධයෙන් ඔබට සතුටුදායක අන්දමේ වර්ධනයක් අත්කර ගනිමින් මෙම වසර පුරාවට සිතෙහි සතුට, ප්‍රීතිය වර්ධනය කරගත හැකි වේ.
ගෘහ ජීවිතය : ස්ථාන දේපල සම්බන්ධයෙන් ඔබට පැවති ගැටළු බොහෝමයක් මෙම වසරේදී විසඳා ගැනීමට හැකි වන අතර මුදල් ලැබීම් අතින් පැවති අවහිර බාධා බොහෝමයක්මත් දුරු වී මුදල් ලැබීම අතින්ද සතුටුදායක වර්ධනයක් අපේක්ෂා කළ හැකි වේ.
සෞඛ්‍යය : වරින්වර ඇතිවන බෝවන රෝගවලට ඔබව ලක් විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
ජය අංකය : 2
ජය වර්ණය : රතු

ගුරු මාරුව මේෂ ලග්න (Mesha Lagnaya) හිමි ඔබට බලපාන්නේ මෙසේයි :

ඔබට පැවති කරදර, බාධා බොහෝමයක්ම දුරු වී යනු ඇත. ඉගෙනුම් කටයුතු තුළින් දක්ෂතා ඉස්මතු වේ. විදෙස්ගත වීම් සම්බන්ධයෙන් තිබෙන බලාපොරොත්තු ඉටු වේ. රැකියා ස්ථානය තුළ දියුණුව උදා කරගත හැක. උත්සාහය තරමට ප්‍රතිඵල උදා කර ගැනීමට හැකි වන වාසනාවන්ත කාලයකි.

අතීත පලාඵල

වෙනත් ලග්න

මේෂ-Aries
වෘෂභ-Taurus
මිථුන-Gemini
කටක-Cancer
සිංහ-Leo
කන්‍යා-Virgo
තුලා-Libra
වෘශ්චික-Scorpio
ධනු-Sagittarius
මකර-Capricorn
කුම්භ-Aquarius
මීන-Pisces