Aquarius (Kumba Lagnaya)

කුම්භ ලග්න ඔබට අද දවස (Kumbha rasi dawase palapala) - Today's Aquarius Horoscope

අධ්‍යාපන කටයුතුවලින් අද දවසේදී ජය ලැබේ. වාහන ගනුදෙනුවලට සුබදිනයකි. කලට වේලාවට ආහාර ගැනීමට සැලකිලිමත් වන්න. ඔබගේ කටයුතු සඳහා අන් අයගේ සහයෝගය ලැබෙන දිනයකි. දවස සුභ කර ගන්න අද දින නිර්මාංශව සිටින්න.

ජය වර්ණය – නිල්, ජය අංකය – 06 

කුම්භ ලග්න ඔබට මේ සතිය (Kumbha lagnaya sathiye palapala) - Aquarius Weekly Horoscope

පෙබරවාරි 23 සිට පෙබරවාරි 29 වනදා තෙක් සතියේ පලාපල

දියුණුවට හොඳ වටපිටාවක් ගොඩනැඟෙන වාසනාවන්ත සතියක් ලෙස මෙම සතිය හැඳින්විය හැක. අධ්‍යයන කටයුතුවල නියැලෙන සිසු සිසුවියන් කාලය නිසියාකාරව කළමනාකරණය කරගෙන උනන්දුව, උත්සාහය සහිතව තම ඉගෙනුම් කටයතු සිදු කිරීමට වග බලා ගන්න. කතාවෙහි බලය උපයෝගී කරගෙන කරන්නා වූ කිසියම් වූ වෘත්තියක නියැළෙන අයට ජයග්‍රාහී ප්‍රතිඵල එම කටයුතු තුළින් මෙම සතියේදී උදා කරගත හැකි වේ. යුග ජීවිත ගත කරන අය අතර මෙම කාලය තුළ අසමඟිකම් පැන නැඟීමේ අවදානම පෙන්නුම් කරන නිසා ඉතා ඉවසිලිවන්තව කටයුතු කිරීමට වග බලා ගන්න. නොකළ වරදවල්වලට චෝදනා එල්ල වීම් වැනි තත්ත්වයන් මෙම සතියේදී ඇති විය හැකි වග පෙන්නුම් කරන නිසා සමාජගත වන විටදී ඔබ බොහෝ සේ පරික්ෂාකාරී වන්න. සෙම් රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 8
ජය වර්ණය : නිල්

කුම්භ ලග්න ඔබට මේ මාසය (Kumbha lagnaya masaye palapala) - Aquarius Monthly Horoscope

තරඟ විභාග ආදියෙන් ජය ලැබීමේ හැකියාව මෙම කාලයේ පෙන්නුම් කර තිබෙන නිසා එවැනි කටයුතු සඳහා සහභාගී වන සිසු සිසුවියන් හට ඉන් සතුටුදායක ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි වේ.

රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක් උදා කරගත හැකි මෙම මාසයේදී නව රැකියා බලාපොරොත්තු ඔබේ සිතෙහි වුයේ නම් ඒවාද ඉටු කරගන්නට ඔබට හැකි වේ. මෙම මාසයේදී ඔබගේ ලඟම හිතවතෙකු ඔබ හා අමනාප වීමේ ඉඩකඩක් පවතින වග පෙන්නුම් කර තිබෙන නිසා ඒ බව සිහි තබාගෙන ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.

යුග ජීවිතය සම්බන්ධයෙන් වන ගැටළුවක් නිසා තරමක මානසික ආතතියකට ලක් වන මෙම මාසයේ ශක්තිමත් මානසික වටපිටාවක් ගොඩනඟාගෙන එළැඹෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට කටයුතු කරන්න. වාත රෝග තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

2020 නව වසර සඳහා ඔබගේ ලග්න පලාපල

අරමුණු ජය ගැනීම උදෙසා ධෛර්යය ලැබෙන ජයග්‍රාහී වසරක් වේවා!

මුදල් ලැබීම් අතින් වඩාත් යහපත් වන මෙම වසරේදී මුදල් ලැබීම සම්බන්ධයෙන් පැවති අවහිරතාවන් පහව යනු ඇත. අධ්‍යාපනික ජයග්‍රහණ උදා වන වසරක් නිසා තරඟ විභාග සඳහා සූදානම් වන අයටත් සෙසු අධ්‍යයන කටයුතුවල නියැලෙන අයටත් මෙම වසර වඩාත් සුභදායක වේ. මෙම වසරේදී රැකියා කටයුතු තුළින් දියුණුව ලඟා කරගත හැකි වන අතර සිතෙහි වන නව රැකියා බලාපොරොත්තුත් ඉටු කරගත හැකි වේ. ඔබ ලඟින් ඇසුරු කළ හිතමිතුරෙකු මෙම වසරේදී ඔබ හා අමනාප වීමත්, අනවශ්‍ය ආකාරයේ සතුරු කරදර ඔබ වෙත ඇති වීමත් සිදු විය හැකි බැවින් සමාජගත වන විටදී ඔබ පරිස්සම් සහගත වන්න. වැටීම්, තැලීම්, තුවාල වීම්වලට ඔබව ලක්විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ජය අංකය : 9
ජය වර්ණය : රතු

රවි ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවිෂ්ට වීම කුම්භ ලග්නයට (Kumbha Lagnaya) බලපාන අයුරු :

විවාහ කටයුතු සඳහා යහපත් වේ. සිතෙහි සතුට, සැනසුම වර්ධනය වේ. ස්වයං රැකියා කටයුතුවල කිසියම් වූ පසු බෑමක් උදා කරයි. නව ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට නම් මෙම කාලය එතරම් යහපත් නොවේ.

අතීත පලාඵල

වෙනත් ලග්න

මේෂ-Aries
වෘෂභ-Taurus
මිථුන-Gemini
කටක-Cancer
සිංහ-Leo
කන්‍යා-Virgo
තුලා-Libra
වෘශ්චික-Scorpio
ධනු-Sagittarius
මකර-Capricorn
කුම්භ-Aquarius
මීන-Pisces