OmAstro.lk
OmAstro.lk මඟින් ඔබගේ සියළුම ජ්‍යෝතිෂ්‍ය අවශ්‍යතා සපුරා ගත හැකි අතර ඒ ඔස්සේ ඔබට අවශ්‍ය තොරතුරු ලේඛණමය ලෙස හෝ Video සේවාවක් ලෙස ලබා ගත හැක. මෙහි ඔබට නොමිලේ ලබාගත හැකි ජ්‍යෝතිෂ්‍ය ලිපි පවතින අතර අනෙකුත් ජ්‍යෝතිෂ්‍ය අවශ්‍යතා සඳහා ඔබ විසින් තෝරාගන්නා ජෝතිර්වේදියාට ගෙවීම් සිදු කල යුතු වේ.
සාමාජිකත්වය ලබා ගැනීමට යෝග්‍ය කව්රුන්ද?
වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුට මෙම සේවාව හා එහි සාමාජිකත්වය ලබා ගත හැකි අතර වයස අවුරුදු 18 ට අඩු පුද්ගලන් සඳහා සේවාව විවෘත නොවේ.
ඉල්ලුම සැපිරීම
ඔබගේ හඳහන් පරික්ෂාව ඇතුළු ජ්යෝතෂ්ය අවශ්‍යතා සැපිරීම, ඉල්ලීම සාර්ථක ඉදිරිපත කල දවසේ සිට සාමාන්‍යයෙන් දවස් 3 – 7 ත් අතර කාල සීමාවකදී සිදු කෙරේ. කෙසේවෙතත් මෙම කාලසීමාව ඔබ තෝරාගන්න ජ්යෝතෂ්යවෙදියා අනුව වෙනස් වන අතර එක් එක්
ජ්යෝතෂ්යවෙදින් ඔබගේ ඉල්ලීම් සැපිරීම සඳහා ලබා ගන්නා කාලය ඔබට එම ජෝතිර්වේදියා පිළිබඳ තොරතුරු අඩංගු පිටුවෙන් ලබා ගත හැක.
පැමිණිලි හා විමසීම්
සියලුම පැමිණිලි හා විමසීම් hello@omastro.lk වෙත යොමු කරන්න. කෙසේවෙතත් ඔබේ සේවාව ලබා ගන්නා ජෝතිර්වේදියා පිළිබඳව පූර්ණ විශ්වාසය තැබීම හෝ නොතැබීම ඔබ සතු වන අතර එලෙස විශ්වාසයෙන් ඔබ ගෙවීම් සිදු කර සේවාව ලබා ගැනීමෙන් පසු යළිත් ඔබ ඉදිරිපත් කරන කිසිදු හේතුවක් මත ඔබ වෙත එම මුදල ලබා නොදෙන අතර ඔබට අවශ්‍ය නම් සේවාවේ ලියාපදිංචිය අවලංගු කර ගත හැක.
ඔබගේ ලියාපදිංචිය සහ සාමාජිකත්වය
ඔබ විසින් නිවැරදිව ලියාපදිංචිය සම්පුර්ණ කල පසු ඔබ වෙනුවෙන් OmAstro.lk හී සේවා ගිණුමක් ආරම්භ වන අතර ඔබම සාදා ගන්නා රහස්‍ය කේතයක් මගින් එයට ඇතුල් වීමට හැකිය . OmAstro.lk එම ගිණුම හරහා ලබා දෙන අනන්‍යාතාවය ඔබ සුරැකිය යුතු අතර ගිණුමේ රහස්‍ය තොරතුරු හො ප්‍රවේශ කේතය ඔබ විසින් අන් අයෙකු හට ලබා දීමෙන් හෝ ඔබගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් තුන්වන පාර්ශවයක් අතට එය පත්වීමෙන් ඔබට සිදු විය හැකි අලාභ පාඩු හෝ ගැටළු සම්බන්ධයෙන් OmAstro.lk කිසිදු වගකීමක් නොදරයි. එබැවින් ඔබගේ ගිණුමේ ඔබ නොදැනුවතව අන් අයෙකු අතට පත් වී ඇති බව දැනගත් වහාම ඔබ විසින් එය OmAstro.lk වෙත වාර්තා කල යුතු අතර, එම දැනුම්දීමට පෙර ගිණුම අත්පත් කරගත් තුන්වන පාර්ශවය විසින් සිදු කරන ගණදෙනු සම්බන්ධයෙන් අපි වග නොකියන්නෙමු.
එමෙන්ම OmAstro.lk වෙත ගැටළු ඇති කරන ආකාරයේ කුමන හෝ රහස්‍ය තොරතුරු, ලිපි හෝ වෙබ් අඩවියේ අඩංගු කරුණු පිටතට දීමක්, විදුලි සංදේශන නියාමන නීති හා රෙගුලාසි උල්ලංඝනය කෙරෙන කුමන හෝ ක්‍රියාකාරකමක් හෝ OmAstro.lk වෙත තර්ජනාත්මක විය හැකි ඔබගේ කුමන හෝ හැසිරීමක් වාර්තා වුවහොත් එසැණින් ඔබගේ සාමාජිකත්වය අහෝසි කෙරෙනු ඇති අතර ඔබ නිත්‍ය සාමාජිකයෙකු නොවුවත් OmAstro.lk වෙත පිවිසීමට ඔබට ඇති ඉඩ සම්පුර්ණයෙන්ම ඇහිරී යනු ඇති..
අන්තර්ගතය පිළිබඳ හිමිකම් අයිතීන්
OmAstro.lk හී ප්‍රකාශන හිමිකම්, වෙළඳ ලකුණු, සේවා සලකුණු, පේටන්ට් හෝ වෙනත් හිමිකාර අයිතීන් සහ නීතී යටතේ පවත්නා තොරතුරු , ලිපි, පිංතුර, වීඩියෝ දර්ශන, හඬ පටි, වෙළඳ දැන්වීම් හෝ බුද්ධිමය දේපළමය වන කිසිදු තොරතුරක් OmAstro.lk අනුදැනුමකින් තොරව ලබා ගැනීම හෝ භාවිතා කිරීම සපුරා තහනම් වන අතර ඔබ විසින් සිදු කරන එවැනි නීතී උල්ලංඝනයකට එරෙහිව ඔබට විරුද්ධව ශ්‍රීලංකාවේ පවත්නා නීතීය යටතේ නඩු පවරා වන්දි අය කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.
බෙදාහැරිම, හරවා එවීම සහ අවලංගු කිරීම
වාර්තාමය ජෝතිෂ්‍යය සේවාවන්: ඔබ විසින් OmAstro.lk වෙතින් සේවාවන් ලබා ගැනීමේදී ඔබ ඉතාමත් වගකීමෙන් කටයුතු කලයුතු අතර ඔබ විසින් කල ජෝතිෂ්‍යය සේවා ඉල්මක් සැපිරීමට අදාළ ජෝතිර්වේදියා විසින් භාරගත් පසු ඔබ ඒ වෙනුවෙන් ගෙවූ මුදල කිසිදු හේතුවක් නිසාවෙන් යලිත් ඔබ වෙත ලබා නොදේ. කෙසේවෙතත් ඔබ විසින් ලබා ගැනීමට තහවුරු කල සේවා ඇනවුම අවලංගු කිරීමට ඔබ
සිතන්නේ නම්, සේවා ඇනවුම සිදු කොට පැයක් ඇතුලත ඒ බව දන්වා අප වෙත e-mail කිරීමෙන් ඔබගේ අවලංගු කිරීම සාර්ථක කරගත හැක.
ඔබ සේවා ලබා ගන්නා ජෝතිෂ්‍යවේදියාගේ තොරතුරු අඩංගු පිටුවෙහි සඳහන් ආකාරයටම සේවා සම්පුර්ණ කිරීමට ගන්නා එම කාල සීමාවන් ඇතුළත ඔබගේ සේවා සපිරෙන අතර අප එම කාලසීමාවන් අකුරටම ඉටු කිරීමට සැදී පැහැදී සිටිමු. කෙසේවෙතත් ඔබගේ මෙම අවශ්‍යතා සහ සේවාවන් අපගේ ජෝතියවේදීන් විසින්ම ඔබටම සුවිශේෂ ලෙස වඩාත් නිවැරදිව ලබා දීමට ගන්නා උත්සාහයේදී දී ඇති කාල සීමාවේ සුළු වෙනස්කම් සිදු විය හැකි බව ඔබ මතක තබා ගත යුතුය. සේවාව ප්‍රමාදය යන පැමිණිල්ල යටතේ ඔබට ඔබගේ සේවා ඇනවුම අවලංගු කල හැක්කේ හෝ ගෙවූ මුදල් ආපසු ලබා ගත හැක්කේ දී ඇති කාල සිමාවේ සිට වැඩ කරන දින 5ක් ඇතුළත සේවාව නොලැබී ගියහොත් පමණි. එමෙන්ම ජෝතිෂ්‍යවේදියා ඉලිලිම් කරන තොරතුරු ඔබ විසින් වැරදියට ලබා දීමෙන් සිදු වන අපහසුතාවන්ට අප වග නොකියන අතර එවන් දේ සම්බන්ධයෙන්ද ඔබ ගෙවූ මුදල් යලිත් ගෙවනු නොලැබේ. එබැවින් ඔබගේ තොරතුරු ඇතුලත් කිරීමට පෙර
කිහිපවරක් පරික්ෂා කර නිවැරදිම තොරතුරු ඇතුළත් කිරීම ඔබගේ වගකීම වේ.
ජෝතියවේදීන් සමඟ කතා කිරීමේ සේවාවේ, සේවා කොන්දේසි:
මෙම සේවාව සඳහා ඔබ තෝරාගත් ජෝතිෂ්‍යවේදියා වෙත වරක් ගෙවීමක් සිදු කළ විට කුමන හේතුවක් මත හෝ ඔබගේ මුදල් යළි ලබා දෙනු නොලැබේ. ජෝතිෂ්‍ය අපල නිවාරණ යන්ත්‍ර හා සේවාවන් නොවන , භාණ්ඩ වන අනෙකුත් ජෝතිෂ්‍ය මිලදී ගැනීම් ගෙනවිත් භාරදීම
ශ්‍රීලංකාවෙන් පිටත
ඔබ විසින් ඇණවුම් කරන භාණ්ඩය ඔබට සුදුසු ලෙස නිම කිරීමට ජෝතිෂ්‍යවේදියා දැනුම් දෙන කාලසීමාවෙන් පිටත දින 10 ක් ඇතුළතදී ඔබගේ භාණ්ඩ ඔබ වෙත ලැබීමට සලස්වනු ඇත. කෙසේවෙතත් ඔබ වෙසෙන රටේ බෙදාහැරීම් තුල පවත්නා නීති හා රෙගුලාසි තත්වයන් මෙයට සුළු වශයෙන් බලපෑ හැකි බව ඔබ මතක තබා ගත යුතුය.
ඔබ විසින් භාරදුන් ඇණවුම නැව්ගත කල පසු යලිත් කිසිදු හේතුවක් මත ඔබට එම ඇනවුම අවලංගු කල නොහැකි අතර යළිත් මුදල් ලබා දීමක්ද සිදු නොකෙරේ. ඔබගේ ඇනවුම නැව්ගත කිරීමට පෙර එහි පින්තූර අපි ඔබට ලබාදෙන අතර නැව්ගත කිරීමෙන් පසු එම බිල්පත් තොරතුරුද ඔබට එවනු ලැබේ. යම් හෙයකින් ඔබ ඇනවුම අවලංගු කරන්නේ නම් එය ඔබ ඇනවුම භාර දී එක් දිනක් ඇතුළත කළ යුතු වේ.
ශ්‍රීලංකාව ඇතුලත
ඔබ විසින් ඇණවුම් කරන භාණ්ඩය ඔබට සුදුසු ලෙස නිම කිරීමටජෝතිෂ්යවේදියා දැනුම් දෙන කාලසීමාවෙන් පිටත දින 7 ක් ඇතුළතදී ඔබගේ භාණ්ඩ ඔබ වෙත ලැබීමට සලස්වනු ඇත.
කිසියම් හෝ කැඞී බිඳීමක් හෝ පළුදු වීමක් ඇත්නම් පමණක් ඔබට එම භාණ්ඩය භාර දී දිනක් ඇතුලත ඔබ එය නැවත අප වෙත භාර දිය යුතු අතර ඉන් දින 7ක් ඇතුලත ඔබ මුදල් ගෙවූ අකාරයටම ඔබ වෙත අදාළ මුදල බැර කෙරෙනු ඇත.
අපගේ නීති හා රෙගුලාසි වලට අනුව ඔබ ලබාගත් ලබාගත් භාණ්ඩයක් වෙනත් භාණ්ඩයකට මාරු කරන්නේ නම් එය මිලදී ගැනීමෙන් තෙදිනක් ඇතුළත සිදු විය යුතු අතර අළුතින් ලබා ගන්නා භාණ්ඩයක මිල කලින් ලබා ගත් භාණ්ඩයේ මිලට වඩා අඩු වුවද ඔබ වෙත ඉතිරි මුදල් ලබා දීමක් සිදු නොකෙරේ . එමෙන්ම ඔබ විසින් කලින් මිලදී ගත් භාණ්ඩය වෙනුවට මිලදී ගන්නා භාණ්ඩයේ මිල කළින් මිලදී ගත් භාණ්ඩයේ මිලට වඩා වැඩි වුවහොත් ඔබට එම අමතර මුදල ගෙවීමෙන් පසු පමණක් ඔබට අවශ්‍ය භාණ්ඩ හුවමාරුව සිදු කර ගත හැකි
වේ.
සියලු හරවා එවීම් හා මාරු කිරීම් පිළිබද ක්‍රියාකිරීමේ අභිමත තීරණ අධිකාරිය OmAstro.lk කළමනාකාරිත්වය සතු වේ.