FAQ

OmAstro.lk යනු දිවයිනේ ප‍්‍රවීණ ජ්‍යොතිෂවේදින් රැසක් හා එක්ව ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවාවන් සපයන වෙබ් අඩවි සේවාවකි. ඔබගේ පරිඝනකයෙන් මෙන්ම ජංගම දුරකතනයෙන්ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය

2018 වසරේ දෙසැම්බර් 14වනදා මෙම ජ්‍යොතිෂ සේවා සැපයුම් වෙබ් අඩවිය දියත් කරන ලදී

මෙහි “ලියාපදිංචි වන්න” යන්න මත Click කිරීමෙන් ඔබට වෙබ් අඩවියේ සියලු වරප‍්‍රසාද, තිළිණ හා මාසික සේවා ගාස්තු අඩු කිරීම් හිමි නිත්‍ය සාමාජිකයෙකු වීම සඳහා අවශ්‍ය පියවර වෙත යා හැක. එහිදී ඔබටම සේවා ගිණූමක් ආරම්භ වන අතර ඒ සඳහා ඔබ සපයන ඔබගේ තොරතුරු පුර්ණ රහස්‍යබාවයකින් යුතුව සුරැකේ. ඔබට ලියාපදිංචි වීමට අවශ්‍ය නැතිනම් ආගන්තුක පාරිභෝගිකයෙකු ලෙස පැමිණ ඔබට අවශ්‍ය සේවාව ලබා ගත හැක. නමුත් නිත්‍ය සාමාජිකයන්ට හිමි වරප‍්‍රසාද, තිළිණ හා මාසික සේවා ගාස්තු අඩු කිරීම් ආගන්තුක පාරිභෝගිකයන්ට හිමි නොවේ.

නිත්‍ය හෝ ආගන්තුක ඕනෑම පාරිභෝගිකයෙකුට මෙහි ඇති නොමිලේ ලබාගත හැකි ජ්‍යොතිෂ තොරතුරු ලබා ගත හැකි අතර අනෙකුත් සියලු ජ්‍යොතිෂ සේවාවන් පාරිභෝගිකයා විසින් තෝරා ගන්නා ජ්‍යොතිෂවේදියාගේ මිල සටහන යටතේ අදාළ ගෙවීම කර ලබා ගත හැක.

 

නොමිලේ ලබා ගත හැකි සේවාවන්: දවසේ රාහු කාලය හා සුබ හෝරාව/ දවසේ පොදු ලග්න පලාපල/ මාසික ග‍්‍රහමාරු විස්තර, වාස්තු හා ෆෙංෂුයි රහස් ඇතුළු පොදු ජ්‍යොතිෂ කරුණු ඇතුලත් ලිපි.

 

ගෙවා ලබා ගත හැකි සේවාවන් (දේශීය/ විදේශීය*: හඳහන් පරික්ෂාව, හඳහන් සෑදීම, රැකියාව, ව්‍යාපාරය , අධ්‍යාපනය , විවාහය වැනි තෝරාගත් එක් අංශයක පමණක් පලාඵල කීම, පොරොන්දම් ගැලපීම, විවාහ නැකත් සෑදීම, අනෙකුත් නැකත් සෑදීම, නම් වලට අකුරු , ව්‍යාපාර නාම වල ගණ බැලීම, ජෝතිෂ්‍යවේදීන් හමුවීමට වේලාවන් වෙන් කර ගැනීම, මල්වර නැකත් හා පලාඵල, මුල්ගල් නිම කිරීම, වාස්තු පරික්ෂාව, ගෙවල් පරික්ෂාවට වෙලා වෙන්කරගැනීම ; කොළොඹ හා කොළඹින් පිට, ගර අපල යන්ත‍්‍ර සැපයීම, දියුණවට හා ආරක්ෂාවට යන්ත‍්‍ර සෑදීම, නිවාස ආරක්ෂාව; බහිරව පූජා පැවැත්වීම සහ කොඩිවින කැපීම, සිහින පලාඵල කීම, සෙත් කවි සැදීම හා කීම ඇතුළු සියලුම ජ්‍යොතිෂ අවශ්‍යතා ඔබ තෝරාගන්නා ජ්‍යොතිෂවේදියාට මුදල් ගෙවා, ඉතා නිවැරදිව හා කාර්යක්ෂමව සපුරා ගත හැකි වේ.

ගෙවා ලබා ගන්නා සේවාවන්ගේ මිල ඔබ විසින් තෝරා ගන්නා ජ්‍යොතිෂවේදියාට අනුව වෙනස් වන අතර එය එම ජ්‍යොතිෂවේදියාගේ තොරතුරු ඇතුලත් පිටුවෙහි පැහැදිලිව දක්වා ඇත. කෙසේවෙතත් දේශීය හා විදේශීය සේවා සැපයුම් වල මිල සුළු පරතරයකින් එකිනෙකට වෙනස් වේ.

මෙයත් ඔබ තෝරාගන්නා ජ්‍යොතිෂවේදියාට අනුව වෙනස් වන අතර එය එම ජ්‍යොතිෂවේදියාගේ තොරතුරු ඇතුලත් පිටුවෙහි පැහැදිලිව දක්වා ඇත. එමෙන්ම සේවා කොන්දේසි වලද දක්වා තිබේ.

ඔබගේ Credit Card හෝ Debit card භාවිතයෙන් අදාළ ගෙවීම් කල හැකි අතර ඔබ  Hutch, Mobitel හෝ Dialog පාරිභෝගිකයෙක් නම් ඔබගේ ජංගම දුරකථන බිල හරහාද අපට ගෙවීම් සිදු කල හැක. භාණ්ඩ ගෙන්වා ගැනීමේදී ඔබට මෙම කිසිදු පහසුකමක් නොමැති නම් ඔබ විසින් අපගේ බැංකු ගිණුමට අදාළ මුදල
බැර කළ රිසිට් පතක් අප වෙත යොමු කල යුතුය. ඔබට අවශ්‍ය භාණ්ඩය සැපයීම සිදුවන්නේ ඉන් පසු දී ඇති කාල සීමාව තුළයි. කිසිදු හේතුවක් මත භාණ්ඩය ලබා ගන්නා අවස්ථාවේදී මුදල් ගෙවිය නොහැකි බව කරුණාවෙන් සැළකිය යුතු වේ

සියලූම පැමිණිලි හා විමසීම් hello@omastro.lk වෙත යොමු කරන්න. කෙසේවෙතත් ඔබ සේවාව ලබා ගන්නා ජ්‍යොතිෂවේදියා පිළිබඳව පුර්ණ විශ්වාසය තැබීම හෝ නොතැබීම ඔබ සතු වන අතර එලෙස විශ්වාසයෙන් ඔබ ගෙවීම් සිදු කර සේවාව ලබා ගැනීමෙන් පසු යළිත් ඔබ ඉදිරිපත් කරන කිසිදු හේතුවක් මත ඔබ වෙත එම මුදල ලබා නොදෙන අතර ඔබට අවශ්‍ය නම් සේවාවේ ලියාපදිංචිය අවලංගු කර ගත හැක.