ඔබ ගමනක් යන විට පෙර මගට පැමිණෙන දේ අනුව ගමනේ සුබ අසුබතා කිව හැකි බව පැරැන්නන් තුළ වගේම ජ්‍යොතිෂ (Jyothishaya) ශාස්ත්‍රය තුළ මත පවතී.

ඔබ යන්නට බලාපොරොත්තු වන ගමනින් සුබ ප්‍රතිඵල අත්කර ගන්නට නම් පෙරමගට අතිශය සුබ නිමිති පැමිණිය යුතුය. තම විවාහ දිනය වෙනුවෙන් පිටත්ව යන විට, තරඟ විභාග කටයුතුවලට පිටත්ව යන විට සුදු මල් දැමු බදුනක් රැගෙන ඉදිරියට පැමිණෙන්නේ ඒ ගමන ඉතාමත් සුබ විය යුතු නිසාවෙනි.

ගමනක් යනවිට හමුවන පෙර මග නිමිති ජ්‍යොතිෂයේදී පිළිගැනෙන්නේ නැකතටත් වඩා බලසම්පන්න වුවක් ලෙසිනි. ඉදුණු පළතුරු , කිරි, මිදුණු කිරි, පිරිසිදු වස්‌ත්‍ර, පිරුණු කළ, මල්, කුඩා ළමුන් වැනි දේ පෙර නිමිති වශයෙන් දකී නම් ඒ ගමනෙන් ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන බවයි ජ්‍යොතිෂ (Jyothishaya) පිළිගැනීම වන්නේ.

ප්‍රාදේශීය වශයෙන් ඇතැම් ගස්‌ වර්ග දැක ගමන්බිමන් යාම සුබ නිමිති වශයෙන් සලකනු ලැබුවත් ඒවා ජ්‍යොතිෂ (Jyothishaya) මත සමග එතරම් ගැළපෙන බවක්‌ දක්‌නට නොමැත.

ජ්‍යොතිෂ (Jyothishaya) ශාස්ත්‍රයට අනුව ගමන්බිමන් යන විට දැකීමට අසුබ නිමිති ලෙස දක්වා ඇත්තේ අඟුරු, දහයියා, ලේ, ලුණු, දර, වර්චස්‌, තෙල්, වස විස යනාදියයි. මේවා ගමනක් යන විට පෙර මග නිමිති ලෙස හමු වූ විට එම ගමනින් කිසිදු සාර්ථකත්වයක් අත් නොවේ.

කටුස්‌සන්, තලගොයන්, මීයන් හා ඌරන් වැනි සතුන්ද, අන්ධ, ගොලු, බිහිරි පුද්ගලයන්ද බලු පොර හා බළල් පොරද දැක යම් ගමනක්‌ පිටවන්නේ නම් ගමන යාමට පෙර කල්තියාම ඔබ විශාල අකරතැබ්බයකට මුහුණ දෙන බව ඉන් ඉගි කරයි.

වාහනයකින් ගමනක්‌ යන විට එම වාහනයට බළලෙකු යටවී මිය යැම ඉතාම අසුබ පෙර නිමිත්තක්‌ ලෙස බොහෝදෙනකු විශ්වාස කරනු ඇත. මේ නිසා ගමනක් යන විට රාහු කාලය මගහැර ගමන පිටත්වීම පමණක්ම ප්‍රමාණවත් නොවේ. ඒ නිසා හොඳින් සිතා බලා යන ගමන සුබ ගමනක් බවට පත්කර ගැනීමටම උත්සහ කල යුතුය.

Share this article