ජ්‍යොතිෂ (Jyothishaya) ග්‍රහ මණ්ඩලයේ සුකුමාලිය ලෙස හඳුන්වන්නේ සිකුරුය. මිනිසාට සියලු ශුභඵල ගෙන දෙන ග්‍රහයන් අතරේ සිකුරු ග්‍රහයාද ප්‍රමුඛ ස්ථානය ගනී. රූපශෝභාව, කෞශල්‍යය, ප්‍රේමය, වාසනාව, යහපත් ජීවිතය, පිරිසිදුකම, කරුණාව, මිත්‍රත්වය, කෙළිලොල්බව ආදිය සිකුරු ග්‍රහයා නිසා ඇති වේ.

මෙලෙස සුබපල උදා කරන සිකුරු ග්‍රහයා කේන්ද්‍රගතව පිහිටීම, ත්‍රිකෝණගතව පිහිටීම, ලග්නයේ හෝ එකොළහේ පිහිටීම සහ උච්චක්ෂේත්‍ර වීම ඉතාමත් යහපත්ය. කේන්දරයක (Horoscope) සිකුරු දුර්වලව පිහිටීම නිසා විවාහය කරදරකාරී එකක් බවට පත් වීමට බොහෝ ඉඩකඩ ඇත. කලා ක්ෂේත්‍රය තුළ නියැළෙන කලාකරුවන්ව අප දකින්නේ හැම මොහොතකම ඉතා විනෝදයෙන්, සැහැල්ලුවෙන්, සුහදත්වයෙන් කටයුතු කරන බවයි. ඔවුන්ට රසික ආදරයද නො අඩුව හිමි වනු ඇත. මෙලෙස ජීවිතය ගෙවන්නට වාසනාව උදා වන්නේ සිකුරුගේ උච්ච වීම නිසාය. එනමුදු අපට හමුවන බොහෝ පුද්ගලයන් ජීවිතය ගැන හෙම්බත්ව, කනස්සල්ලෙන් යුතුව ජීවිතය ඉදිරියට ගෙන යන ආකාරය දකී. මෙලෙස ජීවන ගමන කරදරවලින් පුරවන්නේ උත්පත්ති කේන්දරයේ (Horoscope) සිකුරු දුර්වල වීම නිසාය.

සිකුරු යනු ආදරය මුල් කරගනිමින් තාරුණ්‍යය තුළ විවිධ බලපෑම් එල්ල කරන පෙරළිකාර ග්‍රහයෙකි. උච්ච සිකුරු විසින් තනිකඩ දිවියේ විඳින සුන්දරත්වයම විවාහ දිවියේද ඇති කරවීමට සමත්කම් කියයි. විවාහ ජීවිතය යනු වගකීම් සහිත එකකි. මිනිස් වර්ගයාගේ වර්ධනය වීම ආරම්භවන්නේ මෙම විවාහ වීම තුළිනි. උච්ච සිකුරු විසින් විවාහයෙන් පසුව ජන්ම හිමියා තුළ ඇති කරනු ලබන සැහැල්ලු බව, විනෝදයට බර වීම ඇතැම්විටෙක වගකීම් එතරම් ගණන් නොගන්නා පුද්ගලයන් ඇති කිරීමට පවා ඉඩකඩ පවතී.

සිකුරු උච්ච වූ තැනැත්තා සෑම දෙයක්ම සැහැල්ලුවෙන් අත් විඳින මනමාල ගති ඇත්තෙකි. ඒ නිසා සිකුරු උච්ච වූ අයෙකු හා විවාහ වූ සහකරු හෝ සහකාරිය ඇතැම් අවස්ථාවක දැඩි පීඩාවකට පවා පත් විය හැක. සිකුරුගේ බලය වේගවත්වීම කරනු ලබන්නේ කුජයි. එයට සඳුගේ දැකීම ගොනු වීම තුළ ජන්මියා හැඟීම්වලට වහල් වන අයෙකු බවට පත් කරයි. උච්ච සිකුරුගේ බලයට ශනි, කේතු, ගුරු වැනි ග්‍රහයන්ගේ දැකීම යොමුවීම ජන්මියාට විවාහ සැපත නොලැබී යෑමට හේතුවෙයි. කේන්දර (Horoscope) සටහනක සිකුරු නීච වීම තුළ සමාජ ජීවිතයෙන් බැහැර වී විවාහ දිවියට ලැදිව ඒ තැනැත්තා නිවාස තුලම කොටු වී කටයුතු කිරීමට නැඹුරු වේ. ඒ නිසා සිකුරු උච්ච ජන්මියාට වඩා, සිකුරු නීච ජන්මියාගේ යුග දිවිය අවබෝධයෙන්, ක්‍රමානුකූලව, යහපත්ව ගලාගෙන යනු ඇත.

Share this article