ස්‌ත්‍රී නළල් තලය බොහෝ වර්ණනාවන්ට ලක්‌වන අංගයකි. ඒ තුළ ඇත්තේ සුබපල විතරක්ම නොවේ. අසුබපලද ඉන් කියැවේ.

ත්‍රිකෝණාකාර නළල් තලයක්‌ හිමි ස්‌ත්‍රිය
ඉතා ආත්මාර්ථකාමීය. නිතර පරුෂ වචන කතා කරයි. සමාජ ජීවිතයේදී බොහෝ ගැටළු ඇති කර ගනී. ලද දෙයින් කිසිවිට සෑහීමකට පත් නොවේ.

ඉහළට නෙරා ආ වටකුරු නළල පිහිටි ස්‌ත්‍රිය
සමාජ ජීවිතය තුළ කීර්තිමත්ය. සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අතර සැමියාට සහ දරුවන්ට බොහෝ ලෙන්ගතුය. ඉගෙනීමේ දක්ෂතා දක්වයි. උසස් සිතුවිලි සහිත කරුණාවන්ත අයෙකි.

පළල් නළල හිමි ස්‌ත්‍රිය
නිහතමානී කාන්තාවකි. සමාජය ඉදිරියේ අභිමානවත් චරිතයක් වන අතර අයුක්තිය, අසාධාරණය දුටු තැන නොබියව කතා කරයි.

අඩසඳ හැඩයේ නළල ඇති ස්‌ත්‍රිය
සාර්ථක විවාහ ජීවිතයකට උරුමකම් කියන මෙම ස්ත්‍රිය සැප සම්පත් රිසි සේ භුක්ති විඳි. බොහෝ වාසනාවන්තය.

ඉදිරියට නෙරා ආ නළල් තලයන් පිහිටි ස්‌ත්‍රිය
අධ්‍යාපනය අතින් ඉහළටම යනු ඇත. ඉහළ නිලතල හිමි වේ. සිටින තත්ත්වයට වඩා නිසැකවම ඉදිරියට යනු ඇත. ඉතාමත් බුද්ධිමත්ය.

නළල මත සුලි සහිත ස්‌ත්‍රිය
මෙම ස්ත්‍රියට විවාහ ජීවිතය එතරම් යහපත් නොවනු ඇත. හිතුවක්කාර ගති සහිතයි. දරුපලද හීන තත්ත්වයක පවතී.

නළලේ නහර ඉලිප්පී ඇති ස්‌ත්‍රිය
දුක සිතෙහි දරාගෙන සිටින කාන්තාවකි. විවාහ ජීවිතය ගැටළු සහිත එකකි. සැමියාගෙන් බොහෝ කරදර විඳීමට සිදු වේ.

මෘදු රෝම නළල් තලයේ පිහිටි ස්ත්‍රිය
අඩු වයසින් විවාහ දිවියට එළැඹේ. යුග දිවිය සාර්ථකය. අන් අයගේ ආදරය නොමඳව හිමි වේ. සැප සම්පත් සහිත ජීවිතයක් ගත කරයි.

නළල් තලය මත ඝන රෝම ඇති ස්ත්‍රිය
කුඩා කාලයේදීම තම චරිතය හානි කරගනී. රාගාධිකය. අනියම් සබඳතා සඳහා යොමු වේ. ඒ නිසා විවාහ ජීවිතය අසාර්ථක කර ගනී.

නිල්වන් නහර සහිත නළලක් හිමි ස්‌ත්‍රිය
දුර්වල සෞඛ්‍යයක් හිමි ස්ත්‍රියකි. පවුල වෙනුවෙන් කෙතරම් ආදරය කළද ඔවුන්ගේ ආදරය නැවත ඇය වෙත නොලැබේ. බලාපොරොත්තු කඩ කර ගනිමින් දුක් විඳින අවාසනාවන්ත ස්ත්‍රියකි.

Share this article