පහළට නැමුණු තොල් සඟලක් : මෙවැනි තොල් සඟලක් පිහිටි කාන්තාවන් ගුප්ත චරිතයක් ඇති පෞද්ගලිකත්වයට නැඹුරු අය වෙති. මොවුන් අසාමාන්‍ය සහ අවස්ථාවට ගැළපෙන අයුරින් ජීවත් වන අය ලෙස තවදුරටත් හැඳින්විය හැකියි. මොවුන්ගේ බුද්ධි ස්වභාවය සිත් ඇදගන්නා සුළුයි. මෙම කාන්තාවන් තෝරා බේරාගෙන කටයුතු කරන පුද්ගලයින් නිසා සතුටු කිරීම ඉතා අසීරුයි.

වටකුරු තොල් සඟලක් : මෙවැනි දෙතොල් පිහිටි අය ගවේෂණාත්මක කටයුතුවලට කැමැත්තක් දක්වන කැරලිකාර අදහස් ඇති කාන්තාවන් වේ. ඔවුන් ඉඟිබිඟි පාමින් ආල බස් දෙඩීමේ හැකියාවෙන් යුතුයි. මෙවැනි කාන්තාවන් කෙරෙහි දැඩි ආකර්ෂණයක් ඇතිවන්නේ ඔවුන් තුළ පවතින ප්‍රබෝධමත් බව සහ සිත් අලවන විලාසිතා තෝරා ගැනීමේ ගුණාංග නිසයි. බොත්තමක හැඩයෙන් යුතු වටකුරු තොල් සඟල් පිහිටි ප්‍රකට නිළියන් වන්නේ Rachel Bilson, Drew Barrymore

දුන්නක හැඩැති තොල් සඟලක් : මේ හැඩයේ තොල් සඟලක් පිහිටි කාන්තාවන් ස්වාධීන වේ. නොමගට ‍පොළඹවන සුළු සිතකින් යුක්ත වේ. එමෙන්ම මන බඳනා රූසපුවකින් යුක්ත මෙම කාන්තාවන් සිතට එකඟව කතා කිරීමට බියවෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතය ග්‍රහණය කරගෙන විනෝදයෙන් කාලය ගත කිරීමටද පසුබට නොවේ. මොවුන් තම දෛවය තමන් විසින්ම නිර්මාණය කරගනී. දුන්නක හැඩැති තොල් සඟලක් පිහිටි ප්‍රකට නිළියන් වන්නේ Reese Witherspoon, Hayden Panettiere

පිරිපුන් තොල් සඟලක් : ඇතැම් කාන්තාවන්ගේ දෙතොල් පිරිපුන් වක්‍රාකාරව පිහිටා තිබෙන්නේ සරාගී බවක් ඊට එකතු කරමින්. පිරිපුන් තොල් සඟලකින් යුතු කාන්තාවන් දැඩි ආත්ම විශ්වාසයෙන් යුක්ත ධෛර්ය සම්පන්න අය වේ. මෙවැනි සම්පූර්ණ, සම්මිතික තොල් සඟලක් පිහිටා තිබිම කාන්තා රූ සපුවට මන බඳනා පෙනුමක් එකතු කරයි. පිරිපුන් තොල් සඟලක් හිමි ප්‍රකට නිළියන් වන්නේ Angelina Jolie, Scarlett Johansson

පුළුල් තොල් සඟලක් : මෙවැනි දෙතොල් පිහිටි අය විවිධ රුචිකත්වයන්ගෙන් සමන්විත මිතුරු මිතුරියන් රාශියක් ඇසුරු කරන අය වේ. එමෙන්ම තමාගේ දෛවයට දැඩි අධිෂ්ඨානයකින් මුහුණදී දෛවය තමා විසින්ම සකසා ගන්නා පරිපූර්ණ අය බවද විවිධ කුසලතාවලින් පිරිපුන් ජයග්‍රාහී පිරිසක් බවද දැක් වේ. පුළුල් තොල් සඟලක් හිමි ප්‍රකට නිළියකි Julia Roberts

සිහින් තොල් සඟලක් : සිහින් තොල් සඟලක් උපතින්ම උරුම වූ කාන්තාවන්ට පිහිටා තිබෙන්නේ වෙනස්ම ආකාරයේ ගතිගුණ. මෙවැනි තොල් පිහිටි අය සහජ ඥානයෙන් යුක්ත, සංවේදී පිරිසකි. සුන්දර ස්වභාවයෙන් යුක්ත මෙම කාන්තාවන් ලැජ්ජාශීලී අය වේ. සිහින් තොල් සඟලක් පිහිටි අය ඉක්මනින් රැවටෙන සුළු අය ද වේ. සිහින් තොල් සඟලක් හිමි ප්‍රකට නිළියන් වන්නේ Gwyneth Paltrow, Kate Hudson

Share this article