කන්‍යා රාශියේ සිකුරු ග‍්‍රහයා නිච ගමනකින් පසු 2019 ඔක්තොම්බර් මස 04 වන දින පෙ.ව 05.16 ට තුලා රාශි ගත වන අතර, තුලා රාශිය තුළ ඔක්තොම්බර් මස 28 වන දින පෙ.ව 08.33 දක්වා ගමන් කරයි.

සිකුරු තුලා රාශියට ඇතුළු වීම මේෂ ලග්නයට (Mesha Lagnaya) බලපාන අයුරු:
කලාත්මක හැඟිම් ඉස්මතු වන මෙම මාසයේදි කලාත්මක අංශයේ කටයුත්තක නිරත අයට සාර්ථක ප‍්‍රථිපල හිමි වේ. සුදුසු වයසේ විවාහා අපේ්ක්‍ෂකයින්ට විවාහ යෝජනා ඉදිරිපත් වීමත්, විවාහ ජිවිත ගත කරන අයගේ විවාහ හා සම්බන්ධ ගැටළු විසඳි යා හැක. තැන්පතු ධනයේ වර්ධනයක් අපේක්ෂා කළ හැක. අලූත් බලාපොරොත්තු ඇති වීමත්, තම බලාපොරොත්තුවක් ඉටු වීමත් පෙන්නුම් කරයි. හවුලේ කරන වැඩවලින් සාර්ථක ප‍්‍රතිඵල උදා කරගත හැක.
ජය අංකය : 4
ජය වර්ණය : රතු

සිකුරු තුලා රාශියට ඇතුළු වීම වෘෂභ ලග්නයට (Wrushabha Lagnaya) බලපාන අයුරු:
මංගල යෝග උදාවිය හැකි කාලයක් ලෙස මෙම කාලය හැඳින්විය හැක. අභියෝග ගැටළුවලින් ජය අත් වේ. සේවකයින් යොදවා කරන වැඩ කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල උදා කරන අතර දියුණුවට හොඳ අවස්ථා, අලූත් බලාපොරොත්තු ඇති වේ. සිතේ සතුටු ස්වභාවය වර්ධනය වන සුභ කාලසීමාවක් ලෙස හැඳින්විය හැක .
ජය අංකය : 06
ජය වර්ණය : සුදු

සිකුරු තුලා රාශියට ඇතුළු වීම මිථුන ලග්නයට (Mithuna Lagnaya) බලපාන අයුරු:
අධ්‍යාපන අංශයේ කටයුතුවලින් ජය ලැබීම අපේක්ෂා කළ හැක. සිතේ තිබූ බලාපොරොත්තුවක් ඉටු වීමෙන් සිතෙහි සතුට, ප්‍රීතිය වර්ධනය වේ. ආදරය, පේ‍්‍රමය වැනි හැඟීම් ඉස්මතු වන නිසා සුදුසු වයසේ මිථුන ලග්න හිමියන්ට ආදර සම්බන්ධතා ඇතිවනු ඇත. කලාත්මක හැඟීම් ඉස්මතු වන මෙම කාලයේ කලා අංශයේ කටයුතුවල නියැළෙන අයට සුබයි. විනෝද කටයුතු, විනෝද ක‍්‍රීඩා සඳහා යොමු වේ. අලූත් අදහසක් සිතෙහි ඇති වේ. යුග ජීවිත ගත කරන අය අතරේ ගැටළු ඇතිවන ස්වභාවය පෙන්නුම් කර නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.
ජය අංකය : 5
ජය වර්ණය : කහ

සිකුරු තුලා රාශියට ඇතුළු වීම කටක ලග්නයට (Kataka Lagnaya) බලපාන අයුරු:
ස්ථානීය දියුණුව උදා කරන මෙම කාලයේ තම දේපලක් විකිණීමට අදහස් කරන අයටත්, නව දේපලක් මිලදී ගැනීමට අදහස් කරන අයටත් එම බලාපොරොත්තු ඉටු කරගත හැකි වේ. සිතේ සතුට, ප්‍රීතිය වර්ධනය වේ. පොළොවෙන් ලබාගන්නා සම්පත්වලින් මුදල් උපයන අයට ජය අත් වේ. මංගල යෝග සහිත කාලයකි. ආර්ථික දියුණුවක් ඇතිවිය හැක. අතිරේක මුදල් ලැබීම්වලට ද හොඳ කාලයකි.
ජය අංකය : 9
ජය වර්ණය : ක‍්‍රීම් පැහැය

සිකුරු තුලා රාශියට ඇතුළු වීම සිංහ ලග්නයට (Sinha Lagnaya) බලපාන අයුරු:
රැකියා අංශයේ කටයුතු තුළින් දියුණුව උදා කරගත හැකි අතර සිතෙහි වන නව රැකියා බලාපොරොත්තු ඉටුවනු ඇත. තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය අත් වේ. මංගල යෝග සහිතයි. තමාට පවතින හොඳ නම, කීර්තිනාමය වර්ධනය වේ. දියුණුවට හොඳ වටපිටාවක් ගොඩනැගේ. අලූත් වැඩකටයුත්තකට සම්බන්ධ වේ. ආර්ථික දියුණුව යහපත්, නමුත් මුදල් වියදම් ද තරමක් ඉහළ යා හැකිය. විනෝද කටයුතු සඳහා මුදල් වැඩියෙන් වියදම් කරයි.
ජය අංකය : 01
ජය වර්ණය : රතු

සිකුරු තුලා රාශියට ඇතුළු වීම කන්‍යා ලග්නයට (Kanya Lagnaya) බලපාන අයුරු: 
තැන්පතු ධනයේ වර්ධනයක් ඇති කරගත හැකිය. ආර්ථික දියුණුව ඇති වේ. වාද විවාද වලින් ජය අත් වේ. කථාවේ හැකියාවක් උපයෝගී කරගෙන මුදල් උපයන වෘත්තියක නිරතවන අයට වෙනදාට වඩා සාර්ථකව එම කටයුතු කරගෙන යා හැකි වේ. කලාත්මක හැඟීම් ඉස්මතු වේ. සහජ දක්ෂතා හැකියා ඉදිරිපත් වේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය උදා වේ. හිසේ කැක්කුම් ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
ජය අංකය : 2
ජය වර්ණය : කොළ

සිකුරු තුලා රාශියට ඇතුළු වීම තුලා ලග්නයට (Thula Lagnaya) බලපාන අයුරු:
දියුණුවට විශේෂ අවස්ථා උදා වේ. සිතේ සතුටින් යුතුව කටයුතු කරගෙන යා හැකි වේ. විනෝද කටයුතු, විනෝද ගමන්බිමන් උදා වනු ඇත. තැන්පතු ධනයේ වර්ධනයක් අපේක්ෂා කළ හැක. අලූත් වැඩවලට සම්බන්ධ වේ. අභියෝග හමුවේ ජය අත්වනු නිසැකය. ගැටළු විසඳි යා හැකියි. විදෙස්ගත බලාපොරොත්තු ඉටු වේ. කථාවේ හැකියා මතු වේ. මංගල යෝග සහිත සුබ කාලයකි.
ජය අංකය : 6
ජය වර්ණය : සුදු

සිකුරු තුලා රාශියට ඇතුළු වීම වෘශ්චික ලග්නයට (Wrushchika Lagnaya) බලපාන අයුරු:
දියුණුවට ගන්නා උත්සාහයේ ප‍්‍රතිඵල සාර්ථක වේ. අධ්‍යාපන අංශයේ කටයුතුවලින් ජයග්‍රහණ උදා වේ. විදෙස්ගත වීමේ බලාපොරොත්තු ඉටු විය හැකිය. දියුණුවට විශේෂ අවස්ථා මෙන්ම දියුණුවට හොඳ වටපිටාවක් ගොඩනැගේ. මුදල් ලැබීම් සතුටුදායක වුවත් මුදල් වියදම අධික වේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් පවතින්නේ සාමාන්‍ය තත්ත්වයකි. ජීවිතයට අලූත් අත්දැකීම් එකතු වනු ඇත.
ජය අංකය : 5
ජය වර්ණය : රතු

සිකුරු තුලා රාශියට ඇතුළු වීම ධනු ලග්නයට (Dhanu Lagnaya) බලපාන අයුරු:
මුදල් ලැබීම අතින් සතුටුදායක කාලසීමාවකි. හදිසි ධන වාසනාව පවා ක‍්‍රියාත්මක විය හැකියි. සුදුසු වයසේ විවාහ අපේක්ෂකයන්ට මංගල යෝග උදා වේ. හිත මිතුරු සම්බන්ධතා වර්ධනය වේ. තම වැඩ කටයුතුවලට අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමි වේ. ගැටළු, අභියෝග කිහිපයකටම මුහුණ දීමට සිදුවන අතර ඇතැම්විටෙක මානසික පීඩනවලට පවා ගොදුරු විය හැක්කේ ඔබ ලග්න ඒරාෂ්ටක අපල ගෙවන ලග්නයක් වන නිසාය. රැකියා කටයුතු සඳහා සුබයි.
ජය අංකය : 3
ජය වර්ණය : කහ

සිකුරු තුලා රාශියට ඇතුළු වීම මකර ලග්නයට (Makara Lagnaya) බලපාන අයුරු:
රැකියා දියුණුව උදා කරන මෙම කාලයේ සිතෙහි වන නව රැකියා බලාපොරොත්තු ඉටු කර ගන්නටද හැකි වේ. තමාට පවතින හොඳ නම, කීර්තිනාමය වර්ධනය විය හැකිය. අන්‍යයන් අතර ජනප‍්‍රියත්වය හිමි වේ. දියුණුවට හොඳ අවස්ථා උදාවිය හැකිය. අධ්‍යාපන අංශයේ කටයුතුවලින් ජය අත් වේ. ආදරය, පේ‍්‍රමය වැනි හැඟීම් ඉස්මතු වන කාලයක් නිසා සුදුසු වයසේ මකර ලග්න හිමියන්ට ආදර සම්බන්ධතා ඇතිවනු ඇත. සිතෙහි සතුට ඇතිවන සුබ කාලසීමාවකි.
ජය අංකය : 8
ජය වර්ණය : නිල්

සිකුරු තුලා රාශියට ඇතුළු වීම කුම්භ ලග්නයට (Kumbha Lagnaya) බලපාන අයුරු:
ආර්ථික දියුණුව, හදිසි ධන වාසනාව උදා වීම මෙම කාලයට බලාපොරොත්තු විය හැක. අධ්‍යාපන අංශයේ කටයුතුවලින් ජය අත් වේ. විදෙස්ගත බලාපොරොත්තු ඉටුවීමක් පෙන්නුම් කරයි. ස්ථානීය දියුණුව උදාකරන මෙම කාලයේ නව දේපලක් මිලදී ගැනීමට අපේක්ෂා කරන අයගේත්, තම දේපලක් විකිණීමට අපේක්ෂා කරන අයගේත් එවැනි අංශයේ වන බලාපොරොත්තු ඉටුවනු ඇත. සහජ දක්ෂතා හැකියාවන් ඉදිරිපත් වේ. වාසනාව පෑදේ. විනෝද ගමන්බිමන් හා විනෝද කටයුතු සඳහා සම්බන්ධ වන්නට අවස්ථාව හිමි වේ.
ජය අංකය : 8
ජය වර්ණය : රතු

සිකුරු තුලා රාශියට ඇතුළු වීම මීන ලග්නයට (Meena Lagnaya) බලපාන අයුරු:
ඔබට පැවති ගැටළු විසඳි යා හැකිය. විදේශගත වන්නට තිබෙන බලාපොරොත්තු ඉටු වේ. අධ්‍යාපන කටයුතුවලින් ජය හිමි වේ. අතිරේක වැඩ කටයුතු නිසා කාර්යය බහුල වන්නට සිදු වේ. රැකියා කටයුතුවලදී තමා අතින් කරන වැඩ කටයුතුවල නිරවද්‍යතාව වරක් දෙවරක් නොව කිහිපවරක් පරීක්ෂා කර බැලීමට සිහි තබා ගන්න. ආර්ථික දියුණුව ඇති වේ. යුගජීවිත ගැටලූ මතුවිය හැකි බැවින් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. දියුණුවට විශේෂ අවස්ථා ඇති වේ.
ජය අංකය : 3
ජය වර්ණය : කහ

Share this article