සැප්තැම්බර් මාසයේ උපන් අය කරුණා ගුණයෙන් යුක්‌තය. ඒ නිසා අන් අයගේ දුක හොඳින් හඳුනයි. සැමදෙනා ගැනම සම සිතින් සිතීමට මොවුන්ට හැකි නිසා සියල්ලන්ටම අවස්ථාවන් උදා කරදීමට උත්සාහ ගනී.

හොඳ ඉවසීමක් සැප්තැම්බර් මාසයේ ඉපදුණු අයට දායාද සේ හිමිව පවතින නිසා කිසිම අවස්ථාවකදී කලබලකාරී නොවේ. දැඩි ඉවසීමෙන් යුතුව ප්‍රශ්න හමුවේ පිළිතුරු සෙවීමට උත්සාහ ගනී. කලබලකාරී බවින් තොර නිසා මොවුන් අතින් අතපසුවීම් සිදුවන්නේ කලාතුරකිනි.

රහස් රැකීම් අතින් මොවුන් විශිෂ්ට වේ. වාසි තකා කිසිමවිටෙක රහස් හෙළි නොකරයි. ඒ නිසා විශ්වසනීය ලෙස මිතුරුදම් ඉදිරියට පවත්වාගෙන යන්නට මොවුන්ට හැක. දියුණුවීමේ උනන්දුව නිරතුරුව සිතෙහි රජයන අතර වගකීම් භාරගෙන ක‍්‍රියා කිරීමේ හැකියාව මොවුන් සතුය. ක‍්‍රීඩාවලට වැඩි දක්‍ෂතාවයක්‌ ඇත.

අන් අයට උදව් උපකාර කිරීමේ සිත මොවුනට පැවතුණත්, ඇතැම්විටකදී ජීවිතයේ ඇතැම් දේවල් සම්බන්ධයෙන් කිසියම් වූ ලෝභ බවක්ද පෙන්වයි. දෙන වචන ඉටු කිරීමේ හොඳ ගති ගුණය මොවුන් සතුය. ඒ නිසා පොරොන්දු මනා ලෙස ඉටු කරයි.

නවීන විලාසිතාවන්ට, නවීන වාහනවලට මොවුන් දැඩි සේ ඇලුම් කරයි. සංචාරයට බොහෝ සේ ප්‍රිය කරන අතර ඒ නිසා ජීවිතයෙන් වැඩි කාලයක් සංචාරය උදෙසා කැප කරයි. හමුවන සෑම කෙනෙකු සම්බන්ධයෙන්ම ලෙන්ගතු සිතක් ඇති කරගන්නට මොවුන්ට හැක. ඒ නිසා සැප්තැම්බර් මාසයේ ඉපදුණු අය, සෑම කෙනෙකුගේම සිතෙහි ප්‍රේමණීය චරිතයක් වනු නිසැකය.

කලබලකාරී බවින් තොර නිසා මානසික අවපීඩනයන්ට මොවුන් ලක් නොවේ. නිදන්ගත රෝගවලට පහසුවෙන්ම ගොඳුරු වීමේ අවදානම සැප්තැම්බර් මාසයේ ඉපදුණු අයට ඇත.

ඔබේම හඳහනෙන් මෙලෙස ඔබේ අනාගතය නිවැරදිවම දැනගන්න. පිවිසෙන්න: https://omastro.lk/horoscope-reading/

Share this article